22 වනදායින් පසු මාසයක් යන තෙක් විදුලිබල මණ්ඩලයට ඉන්ධන දෙන්න වෙන්නෙ නෑ – ගම්මන්පිල

ජනවාරි 22 වනදායින් පසු විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට මාසයක කාලයක් ප්‍රමාද වනු ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

“විදුලිබල මණ්ඩලයෙන් අපට දැනුම් දී තිබුණා ඒ අයට විදුලි ජනනය සඳහා ඉන්ධන අවශ්‍ය වෙන්නේ ජනවාරි මාසේ අග සිටයි කියලා. නමුත් ජනවාරි 07 වෙනිදා අපෙන් දැවිතෙල් දවසට මෙට්‍රික් ටොන් 3500 ගාණේ ඉල්ලුවා. අපි දැන් ඒක ලබාදෙනවා ජනවාරි 22 දක්වා. ඒ වගේම ඒ අය අපෙන් ජනවාරි මාසෙ 11 වෙනිදා ඉල්ලුවා 13 වෙනිදා සිට ඩීසල් මෙට්‍රික් ටොන් 1500 ගාණේ අවශ්‍යයයි කියලා.

නමුත් අපි කලින් කියපු දේ සිහිපත් කරලා අපි ඔවුන්ට කිව්වා අපට එහෙම ලබාදීමේ හැකියාවක් නෑ, ඔබ ඩොලර් සපයන්න, අපි ඉන්ධන ගෙනවිත් දෙන්නම්, ඉන්ධන ගෙන එන්න ගතවෙන කාලය ඔවුන්ට දරාගෙන ඉන්න වෙනවා. දැන් තමයි ඔවුන්ට අපට අවශ්‍යතාවය කියලා තියෙන්නෙ, ඒ නිසා අපට අඩුම ගාණෙ දින 30ක කාලයක් යනවා මේ ඉන්ධන ඔවුන්ට ලබාදෙන්න”

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (16) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...