Wednesday, March 22, 2023
spot_img

Latest Posts

රසික ජයකොඩි “නිල්” වෙයි. “ලිබරල්” කෑල්ලත් හැළෙයි …

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයෙන් (LDM) ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP) ඉවත් කළ බවත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ක්‍රියාකාරීත්වය සැක සහිත බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන රසික ජයකොඩි මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර තිබුණේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය යනු තම පක්ෂයට අනුබද්ධ සංවිධානයක් බවත් රසික ජයකොඩි එහි කැඳවුම්කරු වශයෙන් සේවය කළා පමණක් බවත් ය.

එහිදී රසික ජයකොඩි දිගින් දිගටම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය තමන්ට අයිති එකක් බවත් තමන් වැනි දේශපාලන දැවැන්තයකුගේ නම විකිණීමට ඔවුන් සූදානම් වන බවත් දේශපාලනය ගැන වැඩි සවිඥානිකත්වයක් නැති සාමාන්‍ය ජනතාව මීට රැවටිය හැකි බවත් යනාදී වශයෙන් විවිධ කරුණු කියනු දක්නට ලැබිණි.

කෙසේවෙතත් අවසානයෙහි රසික ජයකොඩි තම සංවිධානයෙහි නමෙන් ලිබරල් කෑල්ල ඉවත් කරමින් “ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය” වශයෙන් වෙනස් කර එහි පාට සහ ලෝගෝවත් වෙනස් කරගෙන තිබේ.

එසේම තම සංවිධානයෙහි කිසිවෙකුත් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් රසික ජයකොඩි විසින් නිවේදනය කර ඇත.

එමෙන්ම “දෙවියන්ගෙ නාමෙට ඡන්දය දෙන්න කලින් දෙන්නේ කාටද කියලා දෙතුන් පාරක් පරීක්ෂා කරන්න” යැයි ද රසික ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ අනුව පෙනී යන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයෙහි අයිතිය සම්බන්ධයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කියූ කරුණු සත්‍යය බවයි.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.