ශ්‍රීලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වෙන්න කිසිම අදහසක් නෑ. ආණ්ඩුව රැකීම අපේ යුතුකමක් – නිමල් (VIDEO)

0
256

ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ නොමැති බව ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨ උපසභාපති, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

”ජනාධිපතිතුමා කිව්වෙ අලුත් ගමනක් ආරම්භ කරනවා කියලා. අපේ අග්‍රාමාත්‍යතුමා කිව්වෙ පහුගිය අවුරුදු දෙක විවේචනය කරපු අය විවේචනය කරපුවාවෙ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මේ යන අලුත් ගමනෙදි කකුලෙන් අදින්න සූදානම් නෑ. මේ ආණ්ඩුව අපි හදාගත්ත ආණ්ඩුවක්. මේකෙ උරුමක්කාරයෝ පොහොට්ටුවෙ අය විතරක් නෙවෙයි. මේකට අපිත් දායකවෙලා තියෙනවා විතරකුත් නෙවෙයි, අපි ජනතාව නියෝජනය කරන දේශපාලනඥයෝ. අපටත් අයිතිවාසිකමක් තියෙනවා, යුතුකමක් තියෙනවා මේ ආණ්ඩුව ආරක්ෂා කරගන්න, මේ ආණ්ඩුවෙ වැරදි පෙන්නලා දෙන්න”

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පැවති රැස්වීමක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here