අවංකවම පිළිගන්න ඕන, ආණ්ඩුව ෆේල් – මහින්ද අමරවීර

Date:

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් මෙම තත්වය පාලනය කර ගැනීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අර්බුද රැසකට හේතුව රුපියල අවප්‍රමාණය වීම හා ඩොලර් නොමැති වීම බව පෙන්වා දෙන ඇමතිවරයා සඳහන් කරන්නේ කුමන කතා කීවද ආණ්ඩුව මෙම අර්බුදය සමනය කර ගැනීමට අසමත් බවයි.

මෙම අසමත් බව අවංකවම පිළිගත යුතු බවයි අමරවීර මහතා ප්‍රකාශ කරන්නේ.

ආසන්න වශයෙන් රුපියල් බිලියන 17,200 ක් පමණ විදේශ ණය තිබෙන බවත් පසුගිය කාලයේදී ගත් ණය සහ ඉදිරියේදී ගැනීමට නියමිත ණයද එකතු වූ විට එම අගය තවත් සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන බවත් පෙන්වා දෙන පරිසර ඇමතිවරයා සඳහන් කරන්නේ මෙරට ජනතාවගේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 08 ඉක්මවා යාමට ආසන්න වී ඇති බවයි.

1977 වසරින් පසුව බලයේ සිටි සියලු නායකයන් මෙම තත්වයට වගකිව යුතු බවත්, ඔවුන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවට සිදුකළේ රටේ ජනතාවට උගසට තබා දිගින් දිගටම ණය ලබා ගැනීම බවත් අමරවීර මහතා පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...