කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 18 කොළඹ (LNW): අද (18) දින කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු මිය ගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, මෙසේ මිය ගොස් ඇත්තේ පානදුර, මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි පුද්ගලයකු බවයි .

මිය ගොස් ඇති සැකකරු අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 14 දා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවත්, එහි වාට්ටු අංක 3හි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති අතර, මිය ගොස් ඇති රැඳවියා පසුගිය 9 දා හෙරෝයින් මත්කුඩු සන්තකයේ තිබී අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි අයෙකු බව පොලීසිය සඳහන් කරයි.

කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශය පරීක්ෂණ පවත්වන බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපායමාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි – ජනපති

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...