නන්දන යන්න ගිහින්..
අපි වමේ දේශපාලනය අත හැරලා ඒකෙන් එළියට යනවානම් ඒකෙන් හදලා දීපූ කල්ට්මය ඊගෝ එකත් වම ඇතුලෙම තියලා සැහැල්ලුවෙන් එළියට යන්න ඕන..
මෙතනදි නන්දන වමෙන් හදලා දීපූ පත ඊගෝ එකත් අරගෙනමයි එළියට ගියේ..
එයා වෙන වෙන පක්ෂ එක්ක දේශපාලනය කරලා අවසානයෙ චැප්ටර් එකක් විදියට පාතට පාතට ඇවිත් නගර සභා මට්ටමටම වැටිලා තියෙද්දිත් එයා ජ.වි.පෙ. ත් එක්ක දරුණුවටම ගේම ඉල්ලුවා.. ඒ ගේම ඉල්ලුවෙත් සදාචාර කෑලි අල්ලගෙන මිසක් න්‍යායාත්මක විදියටත් නෙමේ..
ඒ ගේම ඉල්ලීම පසුපස තිබ්බෙත් ජ.වි.පෙ.න් අරන් ආපු අර පත ඊගෝ එක..
මට මේක නන්දනට කියන්න ඕනකම තිබ්බා, ඒත් බැරි උනා..
ඒ නිසා වමෙන් එළියට ආපු අයට මම කියන්නෙ ඒකෙන් හදලා දීපූ ව්‍යාජ ඊගෝ එක, වමේ උරුමය, 89, ගුලිය, ඒවා මේවා කසඩ ඔක්කොම ඒකටම බාරදීලා සැහැල්ලු ආත්මයකින් ඉන්න ටිකේ එළියෙ ජීවත්වෙන්න..
~ ප්‍රියශාන්ත රාජපක්ෂ


