ආහාර හිඟයක් එනවාමයි. තමන්ට හැකි පමණින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැස්කර ගන්න – හිරුණිකා (VIDEO)

Date:

ඇමතිවරුන් කොතරම් නැතැයි කීවත් ඉදිරියේදී ආහාර හිඟයක් අනිවාර්යයෙන්ම ඇතිවෙන හෙයින් හැකි ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය රැස්කර තබාගන්නැයි තමන් සියලුම දෙනාට ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

“මම දැක්කා බොහෝ ඇමතිවරුන් කියනවා රටේ කවදාවත් ආහාර හිඟයක් ඇතිවෙන්න දෙන්නෙ නෑ කියලා. එහෙම නම් ඇයි මේ කැනේඩියානු රජය විසින් ලංකාවෙ ජීවත්වෙන, ලංකාවෙ නිවාඩුවට ආපු, ලංකාවෙ පදිංචිවෙලා ඉන්න කැනේඩියානු ජාතිකයින්ට නිවේදනයක් නිකුත් කරන්නෙ, ලංකාවෙ ඉදිරියේදී ඉන්ධන හිඟයක් හා ආහාර හිඟයක් ඇතිවෙනවා, ඉක්මනට ආහාරයි ඉන්ධනයි එක්කහු කරගන්න කියලා ?

අපේ රටේ ඉන්න නායකයින් රටේ මිනිස්සුන්ට බොරු කිව්වාට දියුණු රටවල දියුණු රටවල්වල රජයන් කියනවා ලංකාවෙ ජීවත්වෙන තමන්ගෙ ජාතිකයින්ට කරුණාකරලා ගබඩා කරගන්න කියලා මේ අවශ්‍ය ද්‍රව්‍ය. ඒ මොකද, ඔවුන් දන්නවා මේ රට විශාල අගාධයකට යනවා කියලා. ඒ හින්දා මමත් දන්න දන්න හැම කෙනාටම කියන්නෙ, ඔබ සියලු දෙනාටම කියන්නෙ කරුණාකරලා පුළුවන් තරමක් බඩු තමන්ට හැකි පමණින් ටික ටික ගබඩා කරගන්න බලන්න. මොකද මේ යන විදියට පුංචි දරුවන් එහෙම ඉන්න පවුල්වලට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධවෙනවා.

ඉස්සර අපි අහලා තියෙන්නෙ රත්තරන් බඩු කඩවලට මංකොල්ලකාරයො පැනලා රත්තරන් බඩු හොරකම් කරනවා කියලා, හැබැයි ඉදිරියේදී මතක තියාගන්න සතොස, කීල්ස්, ෆුඩ්සිටි වගේ අත්‍යවශ්‍ය බඩු තියෙන ස්ථානවලට තමයි හොරු පනින්නෙ. ඒ අත්‍යවශ්‍ය බඩුයි ඉස්සරහට හොරකම් කරන්නෙ. මිනිස්සුන්ගෙ අතේ සල්ලි තිබ්බත් වැඩක් නෑ. හාල්, එළවලු, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අද වෙනකොට අසාමාන්‍ය විදියට මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ පළවෙනි පියවර. දෙවැනි පියවර වෙන්නෙ කොච්චර මුදල් තිබ්බත් බඩු භාණ්ඩ නැතිවෙන එක. මාර්තු – අප්‍රේල් කාලෙ වෙනකොට බඩු භාණ්ඩ නැතිවෙනවා”

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; සටහන – පුලී පෙබරවාරි...