නව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් රාජකාරී අරඹයි

Date:

නව ජනාධිපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා අද (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී රාජකාරි ආරම්භ කළේය.

ජනාධිපති ලේකම් ධූරයේ රාජකාරී කළ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා එම ධූරයෙන් පසුගියදා ඉල්ලා අස් වූ අතර ඒ අනුවයි ගාමිණී සෙනරත් මහතා ඊට පත්වන්නේ.

එතෙක් ඔහු අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේයි කටයුතු කරන ලද්දේ.

1984 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ගාමිණී සෙනරත් මහතා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් දරා තිබේ.

මාතර රාහුල විද්‍යාලයෙන් සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලැබූ ගාමිණී සෙනරත් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.


ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...