ට්‍රම්ප් දිවුරුම් දීම අද 20 දා…..!

Date:

අශෝක ජයතුංග

ජනවාරි 20 වොෂින්ටන් LNW :

🍎හිම පතන අනාවැකි හා අධික සීතල නිසා දිවුරන උත්සවය කැපිටල් හිල් සදලු තලයෙන් ඇතුලට……?
🍎වොෂින්ටනයේ දැඩි ආරක්ෂක රැකවල් තවත් තරවෙයි…..!
🍎ට්‍රම්ප් විරෝධී උද්ගෝෂන රැසක් අද 19 දා වොෂින්ටනයේ……!
🍎දිවුරුම් දෙන හෙට 20 දා ඇමෙරිකාව පුරා උද්ගෝෂණ 350 ක්.
🍎ටික් ටොක් තහනමට ට්‍රම්ප් ගෙන් සහනයක්……?

[ඇමෙරිකාවේ 47 වන ජනපති ලෙස සිය දෙවන ධුර කාලය සදහා ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ඇමෙරිකානු සම්ප්‍රධාය අනුව හෙට ජනවාරි 20 වොෂින්ටන් DC හි කැපිටල් හිල් පාර්ලිමේන්තු සඳලු තලයේදී එරට අගවිනිසුරු ජෝන් ජී රොබට්ස් ඉදිරියේ දිව්රුම් දීමට නියමිතය.

එහෙත් පවතින වැසි ,හිම පතන අනාවැකි හා ඝෘණ සීතල කාලගුණ තත්වය හේතුවෙන් දිවුරුම කැපිටල් හිල් අභ්‍යන්තරයේ සිදු කිරීමට වුවද කටයුතු සුදානම් කර තිබේ.දිව්රුම ලබාදී පැය 05 ක් ඇතුලත නව ජනපතිවරයා කැපිටල් හිල් සිට සැතපුමක දුරින් පිහිටි ධවල මන්දිරයෙට ප්‍රවිශ්ටවී සිය රාජකාරි ඇරඔිය යුතුය. තවද නව ජනපති දිව්රුම් දී පැය 05 ක් ඇතුලත හිටපු ජනපති ජෝ බයිඩන් ධවල මන්දිරයෙන් නික්ම යායුතුවීම ද සම්ප්‍රධායකි. එය පත්වූ නව උප ජනපති ජේ ඩී වෙන්ස් හා හිටපු කමලා හැරිස්ට ද අදාළ වේ. කමලා හැරිස්ට ගෙඩි පිටන් ගිය ඉන්දියානු ඡන්ද දෙකට කැඩීඹට ට්‍රම්ප් මෙවර වෙන්ස් යොදාගත්තේ ඔහු ප්‍රබල සමාජ ක්‍රියාකාරිනියක වූ ඉන්දියානු කාන්තාවක ඌෂා වෙන්ස් සමග විවාහවී සිටීම හේතුවෙනි.

ඉතා ලග සටනකින් කමලා හැරිස් පරාජය කල ට්‍රම්ප් හිතෙන දේ කියන හිතෙන දේ කරන ආන්දෝලනාත්මක චරිතයකි.” මගේ මුල් ධුර කාලයේ කිසිම යුද්ධයක් පටන් ගත්තෙ නෑ. මේ පාරත් එහෙමයි” ට්‍රම්ප් කියන්නේ එහෙමය. එහෙත් පලස්තීනය ඉරානය හා ඊශ්‍රායල අතර දැවැන්ත යුද්ධයත් රුසියාව හා යුක්රේනය අතර යුද්ධයත් චීනය හා ඉන්දියාව සමග වන දැවැන්ත ආර්ථික හා දේශපාලන සීතල යුද්ද වලට ට්‍රම්ප්ට කරගැසීමට සිදුවේ.

ඒ අතරට ට්‍රම්ප් ගේ හිතුවක්කාර පාළනය තුළ තම නිදහසට අගුල් වැටෙන බව පවසමින් ඇමෙරිකානුවන් රැසක් වොෂින්ටනය තුළ විරෝධතා අරඔා තිබේ. කාන්තා අයතීන්, සමරිසි අයතීන් හා වාර්ගික අයිතීන් වලට වැට බැදෙන අනතුරක් තිබෙන බව පවසමින් විරෝධතා ඇරඔී තිබේ. කැනඩාව ඇමෙරිකාවේ 51 වන ප්‍රාන්තය බවට පත්කිරඹට ට්‍රම්ප් යොදන යටකඋට්ටු පවතින බව චෝදනා කරමින් කැනඩා ජාතිකයන් ද විරෝධතා වල පෙරමුණ ගෙන තිබේ. දිව්රුම් දෙන දා වොෂින්ටන DC ප්‍රමුඛ ඇමෙරිකාව පුරා විරෝධතා 350 ක් පැවැත්වෙන බවට වාර්තා පළවී තිබේ. වොෂින්ටනයේ දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇති අතර ප්‍රධාන මාර්ග රැසක් වාහන යොදා වසා තිබේ. අද ධවල මන්දරය බැලීම පවා තහනම් කොට තිබිණ. ආරක්ෂා කටයුතු සදහා පෙන්ටගනය සීරුවෙන් තබා තිබෙ.

චීනයේ බයිට් ඩාන්ස් සමාගමක් විසින් දියත් කරන ටික් ටොක් සමාජ මාධ්‍ය බයිඩන් රජය ඇමෙරිකාව තුළ තහනම් කළේය. ඊට එරෙහිව උසාවි ගිය ද ශ්‍රේෂ්ටාධිකරණය ද තහනම ස්ථිර කොට තිබේ.
“මම චීනෙ හෝ කා සමගත් ගැටෙන්නෙ නෑ. ටික් ටොක් වලට දින 90 ක් ඇතුලත සහනදායි පසුබිමක් හදනවා” තමන්ට එරෙහි විරෝධතා මැද ට්‍රම්ප් යම් උපාය ජිල්මාට් එකක් දමා ටික් ටොක් කරන ලක්ෂ ගණනකගේ හා චීනය ඇතුළු ජාත්‍යන්තර ප්‍රසාදය ද හිමි කර ගැනීමට යම් පසුබිමක් තනා ගනිමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...