දිවයින පුරා මෙහෙයුම් වලින් ඊයෙත්(19) අපරාධකරුවන් 986 ක් පොලිස් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 20 කොළඹ (LNW):ඊයෙත්(19) දිනයේත් දිවයින පුරා සිදුකළ මෙහෙයුම් වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 667 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 319 ක් සමගින් මුළු සැකකරුවන් 986 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය දන්වයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 667 දෙනා අතරින් සැකකරුවන් 10 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 18 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇති අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 25 ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවද පැවසේ.

ඊයේ දිනට(19) පහත මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 586 g
අයිස් 180 g
ගංජා 40kg 500 g
මාවා 01kg 100g
කුෂ් 204g
මදන මෝදක 63g
මත්පෙති 44

එසේම, අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 319 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 57 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 249 ක්ද සිටින බවත්, ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 4 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 9 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...