ලංවිම වැඩ තහනම් වූ සේවකයින් ගණන 66ක් දක්වා ඉහළට!

කොළඹ LNW: ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ තහනම් කළ සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් තිබේ.

එලෙස සේවය අත්හිටුවා ඇත්තේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි ව විරෝධතාවේ නිරත වූ විදුලි සේවකයන් පිරිසකගේය.

විදුලිබල මණ්ඩලය ඊයේ (19) පැවසුවේ, පසුගිය දා පැවති උද්ඝෝෂණයේ දී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි.

ඒ අනුව සේවාවලට බාධා කරන හෝ ලංවිම අත්‍යවශ්‍ය සේවයක් බවට ප්‍රකාශ කර තිබියදී කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු කළමනාකාරීත්වයට උපදෙස් ලබා දී තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...