වතු බංගලා බලෙන් අල්ලන් හිටපු සෙන්දිල්ටයි,වඩිවේල්ටයි වෙච්ච දේ – ඇමති සමන්ත රටම රත් වෙන්න කියයි

Date:

කොළඹ LNW:කවුරු කොච්චර කියෙව්වත්,කොච්චර රිදුණත් ජනතාවට දුන් පොරොන්දුව අකුරක් නෑර ඉෂ්ට කරන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

වසර ගණනාවක් වතු බංගලා අත්පත් කරගෙන සිටි සෙන්දිල් තොණ්ඩමන් සහ වඩිවේල් සුරේෂ් සතියක් තුළ එම බංගලා වලින් ඉවත් කිරීමට හැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

”නාමල් රාජපක්ෂ අද මේ සභාවේ ප්‍රසිද්ධියේ පිළිගත්තා අපට වැරදුණා. අපි ඇන ගත්තා. හැබැයි එයාටත් කියන්න කැමතියි ඔබතමුන්නාන්සේලා සියලු දෙනාටත් කියන්න කැමතියි ජාතික ජන බලවේගය වරද්දගන්න සූදානම් නෑ. මේක වරද්දගන්න ගමනක් නෙවෙයි අපි යන්නේ කියන එක ඔබ තමුන්නාන්සේලාට මතක් කරන්න කැමතියි. එයාල දැන් කියනවා සිංගප්පූරුව ක්ලීන් කරපු විදිහට ලංකාව ක්ලීන් කරන්න. ඉතින් අවුරුදු 76ක් තිබුණනේ ක්ලීන් කරලා දාන්න. ඔය දෙපැත්තම කරලා,මේක වට්ටලා,නැති භංගස්ථාන කරලා බින්දුවට වට්ටලා දුන්න රටක් හදන්න හොඳයි මඟපෙන්වන්න,විපක්ෂයේ කාර්ය භාරය කරන්න. නමුත් ඔය පැත්තෙන් කියනවා නම් ඊර්ෂ්‍යාව,කුහකම කියල. මොකක්ද ඔයාලට කරන්න තියෙන ඊර්ෂ්‍යාව? හොඳ ශක්තිමත් ආණ්ඩුවක් හැදිලා තියෙනවා. ආණ්ඩුව තීන්දු තීරණ ගන්නවා. තීන්දු තීරණ ගන්නකොට රිදෙනවා. ඒවා එළිදරව් වෙනවා. ඇත්ත ප්‍රශ්නය එතන තියෙන්නේ. වර්තමාන ආණ්ඩුව ආපු වෙලාවේ ඉඳන් එක ප්‍රශ්නයක් තියෙනවා. බයවල් කීපයක් ඇවිත් තියෙනවා. එක බයක් ඔබතමුන්නාන්සේලා මෙච්චර කාලයක් හංගගෙන හිටපුවා දැන් හෙළිදරව් වෙන්න පටන් අරන් තියෙනවා. එළිදරව් වෙනකොට රිදෙනවා. වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා හැටියට මම ඉන්නකොට දැන් මාසයකට විතර උඩදී මට ආවා නිර්ණාමික ලිපියක්. ඒ නිර්ණාමික ලියුමේ සඳහන් වෙලා තිබුණා හිටපු ජනාධිපතිවරුන්ට දැන්නුවා. හිටපු ඇමතිවරුන්ට යැව්වා.එක්කෙනෙක්වත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මට එවල තිබුණ එකේ තිබුණේ මෙහෙම. ජේවීපීකාරයෙක් ඇමැතිවෙලා ඉන්න නිසා කොන්දක් තියෙනවා නම් කරන්න. දේශපාලඥයෝ කිහිප දෙනෙක් ඔබේ දිස්ත්‍රික්කයේම වතු බංගලා කිහිපයක් බලහත්කාරයෙන් අල්ලාගෙන ඉන්නවා,පුළුවන් නම් නීතිය ක්‍රියාත්මක කරන්න. හොයල බල්ලදී නිර්ණාමික ලිපිය ඇත්ත. බංගලා දෙකක බලහත්කාරයෙන් අල්ලාගෙන හිටියා. කවුද අල්ලන් හිටියේ බදුල්ල ඇටම්පිටිය දික්වැල්ල වත්තේ ඩිස්ප්ලෑන් කියන සුවිශේෂ වතු බංගලාවක් අවුරුදු 13ක් ඔය සෙන්දිල් තොණ්ඩමන් කියන ආණ්ඩුකාරයා අල්ලාගෙන හිටියා. ඊටපස්සේ හාලිඇල උනගොල්ල වත්තේ වතු බංගලාවේ අවුරුදු 19ක් වඩුවේල් සුරේෂ් හිටපු ඇමතිවරයා අල්ලාගෙන හිටියා. නීති අංශය කැදෙව්වා. උපදෙස් දුන්නා. ගහන්න වතු සමාගම්වලට ලිපි. සතියක් තුළ බංගලා දෙක ගත්තේ නැතිවුණොත් ගිවිසුම් කැන්සල් කරනවා. බංගලා දෙක භාර කරන්න ඕනේ කියල. ලියුම ගියා වතු කොම්පැනියට.කොම්පැනිය කතා කළා සෙන්දිල්ට.දැන් ආණ්ඩුව මෙහෙම ලියුමක් එවල තියෙනවා ඔබතුමාටත් එක්ක තමයි උසාවි යන්න වෙන්නේ මොකද කරන්නේ අපේ ගිවිසුමටත් ප්‍රශ්නයක් කියල. සෙන්දිල් කිව්වලු ඇවිල්ලා තියෙන ආණ්ඩුව හොඳ නෑ මම වත්තේ බංගලාවෙන් අයින් වෙන්නම් කියල. සතියෙන් සෙන්දිල් තොන්ඩමාන් අවුරුදු 13ක් හිටිය බංගලාවෙන් එළියට දැම්මා. වඩිවේල් සුරේෂ් කිව්වා එයාට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා සතියක් දෙන්න ලිපි ලේඛන පෙන්වන්න කියල. සතියක් දුන්නා. සතිය යනකොට පෙන්වන්න බැරි වුණා. අවුරුදු 19ක් හිටපු බංගලාවෙන් එළියට දැම්මා. ආන්න ඒ විදිහට මේවා පවරා ගත්තා. අපි කියනවා ඔහොම ඉන්න මේ ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමා ඒක තමයි කිව්වේ. ඒවා කියනකොට තමයි රිදෙන්නේ. රිදෙනකොට තමයි මෙතන කියන්නේ. කොච්චර රිදුනත් කොච්චර කියෙවත් අනිවාර්යයෙන් මේ රටේ ජනතාවට වෙච්ච පොරොන්දුව අකුරක් නෑර ඉෂ්ට කරන්න ජාතික ජන බලවේගය ආණ්ඩුව සූදානම් කියල අපි ඔබතමුන්නාන්සේලාට කියනවා.” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැස්පියන් මුහුද වේගයෙන් හැකිලේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නේචර් සඟරාව මඟින්...

ලොව විශාලතම ආර්ථිකයන් අතර වෙළඳ යුද්ධය අවසන්ද?

රෂිකා හෙන්නායක ජූනි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය සමඟ...

රාජිත සේනාරත්නත් අත්අඩංගුවට ??

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න අත් අඩංගුවට ගැනීමට නියමිත...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් රිය අනතුරක. ප්‍රදේශ කිහිපයක විදුලියත් බිඳවැටිලා !

ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නන්ද බණ්ඩාර...