මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය උපාධි සහතිකයක් නැතැයි තමන් සිතන බවත් එවැන්නක් ඔහු සතුව තිබුණේ නම් එය රටට ඉදිරිපත් කිරීමට ඕනෑතරම් කාලයක් මේ වනවිට ගතවී ඇති බවත් සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

“ඔහු රටට කරපු ප්‍රකාශයක් තියෙනවානෙ ඒක ඉදිරිපත් කරනවා කියලා, ඒත් තවම ඉදිරිපත් කරලා නැහැ. ඔහුට වගකීමක් තියෙනවා ඒක ඉදිරිපත් කරන්න”

ප්‍රශ්නය – නමුත් දැන් අවුරුද්දකට වැඩියි, ඔහු ඒක ඉදිරිපත් කරලා නැහැ. පක්ෂයේ ජ්‍යේෂ්ඨයින්ට වගකීමක් තියෙනවා නේද ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ?

“අපි ඒක කළානෙ. එයා රටේ තුන්වෙනි පුරවැසියා හැටියට හිටියෙ. අපි එයාට දේශපාලන වශයෙන් පක්ෂයක් හැටියට දෙන්න තියෙන දඬුවම දීලා ඉවරයි. ඒක ලොකු එකක්. එහෙම නොවුණා නම් හොඳයි. අපි අපේ පක්ෂය පැත්තෙන් ගන්න තියෙන ක්‍රියාමාර්ගය අරන් තියෙන්නෙ”

ප්‍රශ්නය – ‘එහෙම නොවුණා නම් හොඳයි’ කියන්නෙ ඔහු එක්තරා ආකාරයකට ඒක වංචනිකව ඉදිරිපත් කරලාද ?

“මම හිතන්නෙ නෑ වංචනිකව කියලා”

ප්‍රශ්නය – එතකොට ‘එහෙම නොවුණා නම් හොඳයි’ කිව්වෙ කථානායක ධුරයෙන් ඉවත් කරන්න සිදුවීම ගැනද ?

“නෑ, අපෝ නෑ. කථානායක ධුරයෙන් ඉවත් කරන්න වුණේ කෙටි කාලයක් ඇතුළත ඔහුට ඒ සහතිකය ඉදිරිපත් කරන්න බැරිවුණු නිසානෙ. මං කිව්වෙ ඒ සිදුවීම් ජාලය ගැන. අපිට යම් අදහසක් තියෙනවා, එයා සැබෑ පර්යේෂකයෙක්. එයාට ඒ පිළිගැනීම තියෙනවා. ඒවා ගැන තර්කයක් නැහැ අපිට. හැබැයි ඔහුට සහතිකයක් නැහැ කියලා මම හිතනවා. මම හිතනවා සහතිකයක් නැහැ කියලා. මොකද එතුමාට සහතිකයක් ඉදිරිපත් කරන්න තරම් අවශ්‍ය කාලය ගතවෙලානෙ තියෙන්නෙ”

ප්‍රශ්නය – ඒක නොකළාම දෙන උපරිම දඬුවම කථානායක ධුරයෙන් ඉවත් කිරීම ?

“මෙහෙම හිතන්න, කථානායක ධුරයට පත්වෙච්ච කෙනෙක් ඒකෙන් අයින් කළාට පස්සෙ මං හිතන්නෙ දේශපාලන වශයෙන් හෝ සමාජීය වශයෙන් හෝ පුද්ගලික වශයෙන් දෙන්න තියෙන ඔක්කොම දඬුවම ලැබිලා ඉවරයි”

ප්‍රශ්නය – ඔහුගේ පක්ෂ සාමාජිකත්වය සම්බන්ධයෙන් කිසිවක් කළයුතු නෑ කියලායි ඔබ කියන්නෙ ?

“පක්ෂය ඒ පිළිබඳ පරීක්ෂණයක් කළා. පක්ෂය ගත්තු තීන්දුව ඔහුට සහ මුළු පක්ෂයටම අනාගතයටත් එක්ක ඉතාම බරපතළ ලෙස දැනෙනවා”

බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...