චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්!

කොළඹ LNW:චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ 04 වන පූර්ණ සැසිවාරයේ තීරණ ක්‍රියාත්මක කරමින් “15 වන පස් අවුරුදු සැලැස්ම” ක්‍රියාත්මක කිරීමේදී ඵලදායී ආරම්භයක් ලබා ගත යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පවසනවා.

ඊයේ(20) එරට පළාත් හා අමාත්‍ය මට්ටමේ නිලධාරීන් වෙනුවෙන් චීන ජාතික පරිපාලන ඇකඩමියේ අධ්‍යයන වාරය ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් ෂී ජින් පිං මහතා මේ බව පැවසුවා.

චීනයේ 15 වන පස් අවුරුදු සැලසුම් සමය තුළ ආර්ථික හා සාමාජීය සංවර්ධනය සඳහා උපායමාර්ගික සැලසුම් සකස් කොට තිබෙන අතර ඒවා සම්පූර්ණයෙන්ම, පුළුල්ව සහ නිවැරදිව තේරුම් ගනිමින් ක්‍රියාත්මක කළ යුතු බව ඔහු එහිදී අවධාරණය කළා.

චීනයේ සංවර්ධනය උපායමාර්ගික අවස්ථා සහ අවදානම් හා අභියෝග යන දෙකෙහිම කාල පරිච්ඡේදයක පවතින අතර, එහි අවිනිශ්චිතතාවයන් වැඩි වෙමින් පවතිනවා. එබැවින් නවීන කාර්මික පද්ධතියක් ගොඩනැගීම සහ කාර්මික පද්ධතියේ සමස්ත ඉහළ නැංවීමක් අත්කර ගැනීම වැදගත් බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : කොළඹ කොටුව...

ඥානසාර හිමි අධිකරණයට: නඩුව ලබන 30 වනදා දක්වා කල් තැබේ!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ඉස්ලාම් දහමට නිග්‍රහ...

ශ්‍රී ලංකා – තායිලන්ත සබඳතා දැඩි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : විදේශ කටයුතු, විදේශ...