කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයකු නිට්ටඹුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිට්ටඹුව අරලිය පටුමග, පින්නගොල්ල වත්ත, ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 61 ග්‍රෑම් 838 තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ආදළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාමක රුපියල් කෝටි 90කට අධික බව පැවසේ.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ඩුබායි වරුණ සහ මොහොමඩ් සිද්ධික් සහ දැනට බන්ධනාගාරගතව සිටින දිලිඳු සංජීව නොහොත් “ලේනා” යන අයගේ සමීපතමයෙකු බවට අනාවරණ වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ සුනාමිය ….

මම හිතන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට කාලගුණ - දේශගුණ...

නීති සම්පාදනයේදී පිටකොටුවේ සේල් කඩේක වගේ හැසිරෙන්න එපා – පෙසප ජනපති අනුරගෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල සංවිධානාත්මක අපරාධ පනත සම්බන්ධයෙන් යම් සාකච්ඡාවකට...

නිල විදෙස් සංචිත වත්කම් යළිත් ඩොලර් බිලියන 07 ඉක්මවා ඉහළට

ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය...

වැසි තත්වයේ වෙනසක් – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 07) දිනයේදී උතුරු, නැගෙනහිර...