නාමයෝජනා අදින් අවසන්. ඡන්ද දිනය අද ප්‍රකාශයට පත් කෙරේ

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම අද (21) දහවල් 12.00 න් අවසන් වීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා දැක්වීමට පස්වරු 01.30 දක්වා පැය එකහමාරක කාලයක් ලබාදෙන බව මැතිවරණ කොමිසම පවසයි.

එම කාලය අවසන් වීමෙන් පසුව මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග වදින දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ප්‍රකාශයට පත්කිරීම තේරීම් භාර නිලධාරීන් විසින් සිදුකෙරෙනු ඇත.

එසේම පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ද නාමයෝජනා භාරගැනීම අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...