*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

රනිල්ගේ මන්දිරය වටකරලා හරි ඡන්දය ගන්න ඕනෑ. නැත්නම් ගහලා පන්නන්න ඕනෑ – ලාල්කාන්ත

පළාත් පාලන මැතිවරණය කල්දැමීම සඳහා විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඒවා පරාජය කරමින් කෙසේ හෝ මැතිවරණය ලබාගත යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නේ නැතුව රට හදන්න බෑ. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න මේ පළාත් පාලන ඡන්දය අපි පාවිච්චි කරන්න ඕනෙ ෆවුන්ඩේශන් එකක් දාන්න. ඒ හින්දා තමයි මේගොල්ලො මේක කල්දාන්න බලන්නෙ. මැතිවරණ කොමිසමේත් කට්ටිය ඉල්ලා අස්වෙන්න යනවාලු කීපදෙනෙක්. එතකොට කොමිසමේ වැඩ කඩාකප්පල් වෙනවා. එක එක ඒවා හදනවා අධිකරණයට යන්න කලින්. ඒ කරලා අධිකරණයෙන් තීන්දුවක් ගන්න හදනවා මේක කල්දාන්න ඕනෙ කියලා. එතෙන්ට මේ යන්නෙ. ඇයි ? අර බර්ට්‍රෝල් බ්‍රෙෂ්ට් කියලා තියනවා පාලකයෝ වෙනස් කරන්න මහන්සි වෙන්න එපා, ජනතාව වෙනස් කරන්න කියලා. දැන් ලංකාවේ ජනතාව වෙනස් වෙලා ඉන්නෙ. ඒ නිසා පාලකයින්ට වෙනස් වෙන්න වෙනවා. ජනාධිපති මන්දිරය රනිල්ගේ වටකරලා හරි ගන්න ඕනෙ ඡන්දය. පාර්ලිමේන්තුව වටකරලා හරි ගන්න ඕනෙ ඡන්දය. මේක මිනිස්සුන්ගේ මූලික අයිතිය. නැත්නම් ගහලා පන්නන්න ඕනෙ. වෙන කරන්න දෙයක් නෑ”

ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති සමුළුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan