මාධ්‍යවේදී කීත් නොයාර්ගේ නඩුවත් ළඟදීම ගන්නවා.වසීම් තජුඩීන්ගේ සිද්ධියේ ලේඛන අතුරුදහන් වෙලා – ජනාධිපති

Date:

කොළඹ LNW:‘ද නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කතෘවරයා වූ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වඳ හිංසා පැමිණවීමේ සිදුවීමට අදාළ නඩුකරය ඉතාමත් නුදුරේදීම ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

2008 මැයි 22 වනදා කීත් නොයාර් මහතා පහර ගෙන ගොස් කෲර වඳ හිංසා පමුණුවා තිබුණි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉන් අනතුරුව ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ නඩුවද පැවරීමට හැකි බවට තමන් විශ්වස කරන බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා 2008 වසරේ ජනවාරි 08 වැනිදා රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේද අධි ආරක්ෂක කලාපයේදී ඝාතනයට ලක්විය.

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට අදාළව මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඊට අදාළව නාවුක හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගතයුතු වුවත් ඔවුන් කවුදැයි හඳුනාගැනීමට නොහැකි ලෙස ලේඛන අතුරුදහන්ව ඇති බවත් එම සාකච්ජාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මහතාහේ දේහය 2012 වසරේ මැයි 17 වැනිදා නාරාහෙන්පිටට ‘ශාලිකා’ ක්‍රීඩාංගණය අසළ පාර්ක් පාරේ දැවී ගිය මෝටර් රථයක් තුළදී හමුවිය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...