මාධ්‍යවේදී කීත් නොයාර්ගේ නඩුවත් ළඟදීම ගන්නවා.වසීම් තජුඩීන්ගේ සිද්ධියේ ලේඛන අතුරුදහන් වෙලා – ජනාධිපති

කොළඹ LNW:‘ද නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කතෘවරයා වූ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෲර වඳ හිංසා පැමිණවීමේ සිදුවීමට අදාළ නඩුකරය ඉතාමත් නුදුරේදීම ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

2008 මැයි 22 වනදා කීත් නොයාර් මහතා පහර ගෙන ගොස් කෲර වඳ හිංසා පමුණුවා තිබුණි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමිනි.

ඉන් අනතුරුව ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ නඩුවද පැවරීමට හැකි බවට තමන් විශ්වස කරන බව එහිදී ජනාධිපතිවරයා සඳහන් කරන ලදී.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා 2008 වසරේ ජනවාරි 08 වැනිදා රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේද අධි ආරක්ෂක කලාපයේදී ඝාතනයට ලක්විය.

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනයට අදාළව මේ වන විට ගැටළුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් ඊට අදාළව නාවුක හමුදා නිලධාරීන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගතයුතු වුවත් ඔවුන් කවුදැයි හඳුනාගැනීමට නොහැකි ලෙස ලේඛන අතුරුදහන්ව ඇති බවත් එම සාකච්ජාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් මහතාහේ දේහය 2012 වසරේ මැයි 17 වැනිදා නාරාහෙන්පිටට ‘ශාලිකා’ ක්‍රීඩාංගණය අසළ පාර්ක් පාරේ දැවී ගිය මෝටර් රථයක් තුළදී හමුවිය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරමක් ඉදිකිරීමට යාමේදී උණුසුම් තත්වයක්

සිරදඬුවම් විඳිමින් සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස...

ඥානසාර හිමි නිදහස් කරන ඉල්ලීම ගැන තීරණයකට ජනාධිපති ලේකම් මාසයක් කල් ඉල්ලයි

බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින්...

මේ තවත් ගෝල්ෆේස් අරගලයක්ද ?

ඉතිහාසය වෙනත් විදියකට ආයේ ආයෙත් සිද්ද වෙනවා වගේ පේනවා. අපි...

සෞදි ආසියා කුසලානය කල් දැමීමේ අවදානමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 15, කොළඹ LNW : සවුදි අරාබියේ ආසියානු...