මම පැයකට ලිට්‍රෝ සභාපති වෙලා රටේ ගෑස් ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳුවා – රේණුක (VIDEO)

Date:

තමන් ලිට්‍රෝ සමාගමේ සභාපති ධුරයෙහි කටයුතු කළ පැයක කාලය තුළ රටේ ගෑස් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳීමට හැකිවුණු බව මිල්කෝ සමාගමේ නව සභාපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් ඔබතුමා රාජ්‍ය ආයතන කිහිපයකම හිටියා දැක්කා අපි ළඟ ළඟ. දැන් මෙතන තමා නතර වෙලා තියෙන්නෙ. මෙතන කොච්චර කල් ඉන්න පුළුවන් වෙයිද ?

”පුළුවන් තරම් කල් කරමු. හරි දේ කරමු … ආසන්න වශයෙන් ඔබ මේ අහන්නෙ ලිට්‍රෝ ආයතනයේ පත්කිරීම සම්බන්ධව නෙ. රට පුරා ලොකු අර්බුදයක් ගෑස් සම්බන්ධව මතුවෙලා තිබිච්ච අවස්ථාවක, මට මතක හැටියට ජනවාරි 03 වෙනිදා අතිගරු ජනාධිපතිතුමා විමසීමක් කරලා තිබ්බා අර්බුදය දරුණු තත්වයක තියෙනවා, ඒ නිසා මේ ආයතනය බාරගෙන කටයුතු කරන්න පුළුවන්ද කියලා. ඒ කටයුත්ත වෙන අතරේ ජනාධිපතිතුමා සැලසුම් කරලා තිබුණා ලිට්‍රෝ ආයතනය අධීක්ෂණය කරන්න. කෙසේවෙතත් එතුමා අධීක්ෂණය කළාට පස්සෙ එතුමා මට ඉතාමත්ම සුහදව කතා කරලා කිව්වා මේ ආයතනය නැවෙන් එන ගෑස් ටික සිලින්ඩර්වල පුරවලා මාකට් එකට යවන්න විතරයි තියෙන්නෙ. ඊට වඩා දෙයක් රේණුකට කරන්න පුළුවන්, ඒ නිසා මම යෝජනා කරනවා මිල්කෝ ආයතනය සුදුසුයි කියලා. මේකෙ අපේ රටේ කිරි නිෂ්පාදනය ඉහළ නංවන්න. ඒ අනුව තමයි මේ වෙනස්කම සිද්ධ වුණේ. හැබැයි මම සතුටු වෙනවා ඒ පැයක සභාපති කියලා මාධ්‍ය වාර්තා කරනවා – හැබැයි ඒ පැය තුළ මගේ පත්කිරීමත් එක්ක රටේ ගෑස් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නැතිවෙලා තියෙනවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ අනියමින් කොහේහරි කොණක ඔබතුමාගේ ඕඩර් එකක් මත …. ?

”මං හිතන්නෙ ඒකට උත්තරයක් දියයුතු නෑ, ඔබත් අවබෝධයෙන් යුක්තව ඔය ප්‍රශ්නය අහන්නෙ”

රේණුක පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (21) මිල්කෝ ආයතනයේ සභාපති තනතුරේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා අවුරුදු 17 න් පහළ කණ්ඩායමක් බංගලාදේශයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: මෑත කාලීනව බංගලාදේශ යොවුන්...

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයෙන් නිවේදනයක්: හසීනාගේ මරණ දඬුවමට ප්‍රතිචාර

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දීය විදේශ කටයුතු...

ඒ කණ්ඩායමේ දඟරය ජාතික කණ්ඩායමට

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ජාත්‍යන්තර වශයෙන් විවිධ රටවල...

සෞදි කුමරුගේ ධවල මන්දිර සංචාරයේදී කෂෝගි ඝාතනය ප්‍රශ්න කරණ විට කුමරු කිසිවක් දැන නොසිටි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදියේ ඔටුන්න...