ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඡන්දයක් පාවිච්චි කිරීමම නෙවෙයි – වජිර

Date:

මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීමට වඩා රටේ දියුණුව වෙනුවෙන් කළයුතු වෙනත් බොහෝ දෑ පවතින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

“1987 මේ වගේම නාමයෝජනා පත්‍ර භාරගත්තා, නමුත් මැතිවරණයක් තිබුණෙ නෑ. එතකොට මේ රටේ ඉතිහාසය තුළ විවිධ අවස්ථා තිබෙනවා රටේ පීඩනය ආපු වෙලාවට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ක්‍රියා කරපු. බොහෝ අය හිතන්නෙ ඡන්දයක් පාවිච්චි කිරීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ කියලා. නෑ, ඡන්දයක් පාවිච්චි කිරීමට වඩා, රට දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා නම් සිංගප්පූරුවේ තිබෙන නීති පද්ධතිය ශ්‍රී ලංකාවට අවශ්‍ය කරලා තිබෙනවා. ජපානයේ තිබෙන නීති පද්ධතිය ශ්‍රී ලංකාවට අවශ්‍ය කරලා තිබෙනවා. නීති රීති අවශ්‍ය කරන රටක, ඒවා නිසි ආකාරව ඉදිරිපත් නොකර අපි යන ගමනෙන් බංකොලොත් වූ රට තවත් විනාශයකට තල්ලු කරන්න එපායි කියන එක තමයි ප්‍රකාශ කරන්න තිබෙන්නේ”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ පසුගිය 21 වනදා නාමයෝජනා භාරදීම අවසන් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...