ඩීසල් බෙදීමට මිලියන 122ක්!

Date:

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ චීන රජය මෙරට වී ගොවීන් සඳහා ලබා දුන් ඩීසල් තොගය ගොවි ජනතාවට බෙදා හැරීමට රජයට රුපියල් මිලියන 122ක් වැය වන බවයි.

චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට නොමිලයේ ලබා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක ප්‍රමාණය අස්වනු නෙලීම සඳහා ගොවීන් වෙත බෙදා හැරීම මේ වනවිට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරන අතර අදාල ඩීසල් තොගය ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් දිවයින පුරා බවුසර් මගින් බෙදා හැරීම සඳහා රුපියල් මිලියන 122ක් රජය මගින් වැය කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් පවසා ඇත.

අක්කර භාගයේ සිට අක්කර දෙකහමාරක් දක්වා වී වගාවේ නිරත සෑම ගොවියකුටම වගා කරන ප්‍රමාණය අනුව ඉන්ධන ප්‍රමාණයක් නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබෙන අතර, ඒ අනුව අක්කර දෙකහමාරක් (හෙක්ටෙයාර් 01) වගා කරන ගොවියෙකුට ඉන්ධන ලීටර් 15ක් හිමි වේ. මීට අවශ්‍ය මුදල් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍යංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතාට උපදෙස් ලබා දී ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව මෙම වසරට ලැබීමට නියමිත මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් අදාළ මුදල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට කටයුතු යොදා ඇති බව ද වාර්තා වේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...