*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

සංචිත පහත වැටුනොත් ණය ගෙවන්න බැරිවෙනවා කියන්නේ මිත්‍යාවක්: මහබැංකු අධිපති

ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන කුමක් පැවසුවද, වත්මන් ආර්ථික තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රගතියක් ඇතිවෙමින් පවතින බවත්, මෙම වසර තුළ සියයට පහක පමණ වර්ධනයක් දක්නට අති බවත් මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

විදේශ විනිමය හා ජාතික ආර්ථිකය පිළිබඳව අද (23) දින අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ “Impact of Forex Crisis and Solutions for National Economy” නම් සජීවී සාකච්ඡාවට අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

2019 අවසන් වන විට රටේ සංචිත ඩොලර් මිලියන 7,642 ක් පමණ වූ බවත්, ඒවා සහ අනෙකුත් මුදල් ගලා ඒම් ද භාවිතයට ගනිමින් 2021 වසර අවසන් වන විට ඩොලර් මිලියන 12,443 ක මුළු ණය ප්‍රමාණයක් ගෙවීමට ශ්‍රී ලංකාවට හැකි වූ බව කබ්රාල් මහතා සිහිපත් කළේය.

ඉන් අනතුරුව ද සංචිත ඩොලර් මිලියන 3,538 දක්වා පහත වැටී තිබූ බවත්, එමඟින් ඩොලර් මිලියන 7,939ක් පමණ ශුද්ධ ගෙවීමක් සිදුව ඇති බවත් ඔහු සඳහන් කළේය.

2021 වසරේ තුන්වන කාර්තුව වන විට, විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,481 දක්වා පහත වැටි මුත් එය ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ දැමීමට සමත් වූ බවත්, ඒ අනුව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර මුලපිරීම 2021 ජනවාරි 18 වන පියවා දැමීමට හැකි වූ බව ද හෙතෙම අවධාරණය කළේය.

මේ අනුව, විදෙස් සංචිත පහත වැටීම හමුවේ රටකට ණය ගෙවීමට නොහැකි වීම, හෝ රටක් බංකොලොත් වීම යනු මිත්‍යාවක් බව ද කබ්රාල් මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව ඉහළ වර්ධන මාවතකට ගෙන යා හැකි පියවර රැසක් පවතින බවත්, එහිදී මතුවන සෑම අභියෝගයකටම මුහුණ දෙන බවත්, එමඟින් වර්තමානයේ රට තුළ මතුව ඇති අස්ථාවර ස්වරූපය අවම කරගත හැකි බවත් පෙන්වා දෙන කබ්රාල් මහතා වැඩිදුරටත් අවධාරණය කළේ, වෙනත් රටවල් මෙන් ශ්‍රී ලංකාව ද ඉහළ යන උද්ධමනයට මුහුණ පා තිබීම යතාර්ථයක් බැවින්, වැඩි මුදල් ගලාඒමක් දිරිමත් කිරීම හා වැඩි ස්ථාවරත්වයක් රට තුළ ස්ථාපිත කිරීම රජය හා මහ බැංකුවේ සැලැස්ම විය යුතු බවයි.

MIAP

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan