*
Saturday, January 25, 2025
spot_img

Latest Posts

තමන්ගේ වාර්තාව බිඳින්නට පුතාව පුහුණු කළ තාත්තා

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 24 ,(LNW)කොළඹ :

එංගලන්ත ඒ කණ්ඩායම හඳුන්වන නාම වන්නේ එංගලන්ත ලයන් යන්නයි.එම කණ්ඩායම හා සබැඳි ඉතිහාසයේ 2025 ජනවාරි 25 වන දා තෙක්ම,එම කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර පලමු පෙළ ශතකයක් ලැබූ පිතිකරුවාගේ වාර්තාව රැදී තිබුණේ ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් නමටය.ලොවම දන්නා ෆ්ලින්ටොෆ් එම වාර්තාව තබා තිබුණේ 1998 වසරේ නයිරෝබිහිදී කෙන්යාවට එරෙහිව පැවති තරගයකදී ය.එදා ඔහු සිය පළමු පළමුපෙළ ශතකය රැස්කරන විට ඔහුගේ වයස වී තිබුණේ අවුරුදු 20යි දින 28කි.


ටෙස්ට් ලකුණු 3845 ට සහ ටෙස්ට් කඩුලු 226 ට හිමිකම් කියන ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් එංගලන්තය නියෝජනය කළ අති විශිෂ්ඨ තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.වර්ථමානයේ 47 හැවිරිදි වියේ පසුවන ඔහු එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වෙන්නේ 2024 වසරේදී ය.මේ මොහොතේ ඔහු එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙමින් සිටින අතර එහිදී එම කණ්ඩායමට ක්‍රීඩා කරන තමන්ගේම පුතා වන රොකී ෆ්ලින්ටොෆ් මෙහි ඉහතින් සඳහන් කළ එංගලන්තය වෙනුවෙන් පළමු පෙළ ජාත්‍යන්තර ශතකය ලබා ගැනීමේ පියාගේ වාර්තාව ඇන්ඩෘ ඉදිරි පිටදීම තමන්ගේ නමට ලියා ගත්තේය.ඒ මොහොත වන විට රොකී ගේ වයස අවුරුදු 16 ක් සහ දින 291 ක් විය.


සිය පියාගේ ඇස් ඉදිරිපටම ඔහුගේ මඟ පෙන්වීම මතම පන්දු 127 න් ලකුණු 108 ක් රැස් කරමින් රොකී ලබා ගත් ශතකයට තවත් වටිනාකමක් එකතු වන්නේ ඔහු එම ශතකය ලබා ගන්නේ අංක නවය පිතිකරුවා ලෙස පිටියට පිවිසෙමින්ය.ලකුණු 161 ට කඩුලු 7 ක් දැවුණු මොහොතක පිටියට පිවිසෙන රොකී 8 වන කඩුල්ල වෙනුවෙන් ෆ්‍රෙඩී මැකාන් (51) සමඟ ලකුණු 66 ක සබඳතාවයක් එක් කිරීමට සමත් වන්නේය.එතැන් සිට ඔහුට පැවරෙන වගකීම වූයේ අවසන් පිතිකරුවන් දෙදෙනාට අඩු පන්දු ප්‍රමාණයක් මුහුණ දෙන්නට සළස්වමින් වේගයෙන් ලකුණු රැස් කිරීමය.අවුරුදු 16 රොකී ගේ ඉණිමේ අනාගත වර්ණවත් බව රැදී ඇත්තේ ඔහු එම තත්ත්වය කළමණකාරණය කර ගනිමින් අවසාන කඩුල්ල ලෙස ඔහු දැවී යන විට එම කඩුල්ල වෙනුවෙන් ඇති කළ සබඳතාවය ගැන අවධානය යොමු කරද්දීය.
ඔවුන්ගේ අවසන් ක්‍රීඩකයා වූ මිචෙල් ස්ටැන්ලි පන්දුවට මුහුණ දීම පන්දු 27 ට සීමා කරමින් ඔහු ලකුණු 4 ක් පමණක් ලබද්දී,රොකී අවසාන කඩුල්ලේ සබඳතාවය ලකුණු 72 ක් දක්වා පෙරට ගෙන යමින් පන්දු 127 ක් තුළ රැස් කරන ලද ලකුණු 108 තුළ ඇත්තේ වාර්තාවකටත් වඩා වගකීම් සහගත දක්ෂ පිතිකරුවෙකුගේ අනාගත වික්‍රමයන් පිළිබඳ සාක්ෂි සටහන්ය.


ඇන්ඩෘ හොඳ ක්‍රීඩකයෙක් මෙන්ම හොඳ පුහුණුකරුවෙක් බවට සිය පුතාගේ වර්ණවත් ඉණිමෙන් ලබා ගත් සහතිකය, ඔහු සිය ක්‍රිකට් ක්‍රීඩක ජීවිතයේ ලැබූ සියලු සම්මානවලට වඩා වටිනා එකක් ලෙස ඔහුගේ හදවතට දැනෙනවා නිසැකය.

http://www.sportwaynews.com/

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan