මිල්කෝ හිටපු සභාපති ලංකා පොහොර සමාගමේ පත්වීම එපා කියයි

ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු ලසන්ත වික්‍රමසිංහ මහතා එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ මහතා මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර පසුගිය 19 වනදා සිට ඔහුව එම තනතුරෙන් ඉවත් කෙරිණි. මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ඊට පසුදිනම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත්කර තිබිණි.

කෙසේවෙතත් ලසන්ත වික්‍රමසිංහ මහතාව ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා වශයෙන් පසුගිය 21 වනදා පත්කර තිබුණු අතර ඔහු එම ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප කරමින් ඒ බව මුදල් අමාත්‍යාංශයට ද ලිඛිතව දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...