මිල්කෝ හිටපු සභාපති ලංකා පොහොර සමාගමේ පත්වීම එපා කියයි

Date:

ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු ලසන්ත වික්‍රමසිංහ මහතා එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

ඒ මහතා මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර පසුගිය 19 වනදා සිට ඔහුව එම තනතුරෙන් ඉවත් කෙරිණි. මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ඊට පසුදිනම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත්කර තිබිණි.

කෙසේවෙතත් ලසන්ත වික්‍රමසිංහ මහතාව ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා වශයෙන් පසුගිය 21 වනදා පත්කර තිබුණු අතර ඔහු එම ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප කරමින් ඒ බව මුදල් අමාත්‍යාංශයට ද ලිඛිතව දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...

ධන කුවේරයන්ගෙන් හිනි පෙත්තටම යන රටවල්!

සටහන – පුලී දෙසැම්බර් 20, කොළඹ (LNW):  බිලියනපතියන්ගේ ධනයෙහි ගෝලීය...

ණය සඳහා ඉල්ලුම් කිරීමෙන් පමණක් කර්මාන්ත ගොඩගන්න බැහැ – මූල්‍ය කළමනාකරණය ගැන හිතුවාද?

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:අපදාවෙන් විපතට පත් කර්මාන්තකරුවන්...