බූස්ටර් නොගත්තොත් දඬුවම්? සෞඛ්‍ය අමාත්‍යංශය නීතිමය උපදෙස් ගනී!

කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. මේ වනවිටත් ඒ් සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් නීතිමය උපදෙස් ලබාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 සම්බන්ධීකාරක, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසන්නේ.

ලොව ඇතැම් රටවල එන්නත්කරණය අනිවාර්ය කරමින් එන්නත්කරණය සඳහා සහභාගි නොවන පුද්ගලයන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන අන්වර් හම්දානි මහතා පවසන්නේ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමේ වැදගත්කම ඉන් පැහැදිලි වන බවයි.

නීති උපදෙස් ඉල්ලා තිබෙන්නේ ජනතාව එන්නත්කරණය සඳහා උනන්දු කරවීමට බවත්, ජනතාවට දඬුවම් පමුණුවා ඔවුන් අපහසුතාවයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසිදු අදහසක් නොමැති බවත් වෛද්‍යවරයා පවසනවා. එන්නත්කරණය සාර්ථක කර ගැනීමට නීතිය මගින් රුකුලක් ලැබෙනු ඇති බවද ඔහු සඳහන් කරයි.

නීති පනවා හෝ එන්නත්කරණය සිදු කරන්නේ ජනතාව ආරක්ෂා කර ගැනීමට බැවින් ඒ පිළිබඳව සලකා හෝ එන්නත්කරණයට යොමුවන ලෙස අන්වර් හම්දානි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...