ඉමියුනෝග්ලොබියුලින් නඩුවේ වින්දියන් වෙණුවෙන් පෙනී සිටීමට කඹ ඇදිල්ලක්!

Date:

ව්‍යාජ ඉමියුනෝග්ලොබියුලින් මිලදී ගැනීම පිළිබඳ නඩුව අද මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණයේදී විභාගයට ගණු ලැබීය.

එහිදී වින්දිත පාර්ශවය වෙණුවෙන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටීමට උත්සාහ කිරීමේදී නිතිපති වරයා වෙනුවෙන් ඊට විරෝධය පලකර අතර, අධිකරණයේ නිසි අවසරයක් නොමැතිව එසේ පෙනී සිටිය නොහැකි බව පෙන්වා දුන්නේය.

එසේම මෙම නඩුවේ පැමිණිලි කරුවෙකු වන චමල් සංජීව මහතා වෙණුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටීමට උත්සාහ කල අවස්ථාවේ, ඊටද විරෝධය පල කරමින් ඇය කියා සිටියේ, චමල් සංජීව යනුවෙන් පුද්ගලයෙකු මෙම නඩුවට අදාල ව පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති බවය.

කෙසේ නමුත් නඩුව ඇප ලබාදීමකින් තොරව, පෙබරවාරී පළමු වැනිදා තෙක් කල් තැබීය.

මෙතෙක් මේ නඩුවේ ප්‍රධාන විත්තිකරුගේ පාර්ශවයට අදාල සමාගමේ වෙනත් කිසිවෙකු හෝ අත් අඩංගුවට හෝ ප්‍රශ්ණ කිරීමට ලක් නොවීම, ව්‍යාජ ලේබල් මුද්‍රණය ඇතුලු සමාගමට අදාල අභ්‍යන්තර තොරතුරු මුද්‍රණය.කල ස්ථානය, සමාගමේ හිමිකරුගේ මුදල් ගණුදෙණු පිළිබඳව කිසිදු වාර්ථාවක් හෙලිදරව් නොවීම, වැනි කරුණු සුවිශේෂී තත්වයක් නිර්මාණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...