ඉමියුනෝග්ලොබියුලින් නඩුවේ වින්දියන් වෙණුවෙන් පෙනී සිටීමට කඹ ඇදිල්ලක්!

Date:

ව්‍යාජ ඉමියුනෝග්ලොබියුලින් මිලදී ගැනීම පිළිබඳ නඩුව අද මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණයේදී විභාගයට ගණු ලැබීය.

එහිදී වින්දිත පාර්ශවය වෙණුවෙන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය කරමින් ජනධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටීමට උත්සාහ කිරීමේදී නිතිපති වරයා වෙනුවෙන් ඊට විරෝධය පලකර අතර, අධිකරණයේ නිසි අවසරයක් නොමැතිව එසේ පෙනී සිටිය නොහැකි බව පෙන්වා දුන්නේය.

එසේම මෙම නඩුවේ පැමිණිලි කරුවෙකු වන චමල් සංජීව මහතා වෙණුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටීමට උත්සාහ කල අවස්ථාවේ, ඊටද විරෝධය පල කරමින් ඇය කියා සිටියේ, චමල් සංජීව යනුවෙන් පුද්ගලයෙකු මෙම නඩුවට අදාල ව පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති බවය.

කෙසේ නමුත් නඩුව ඇප ලබාදීමකින් තොරව, පෙබරවාරී පළමු වැනිදා තෙක් කල් තැබීය.

මෙතෙක් මේ නඩුවේ ප්‍රධාන විත්තිකරුගේ පාර්ශවයට අදාල සමාගමේ වෙනත් කිසිවෙකු හෝ අත් අඩංගුවට හෝ ප්‍රශ්ණ කිරීමට ලක් නොවීම, ව්‍යාජ ලේබල් මුද්‍රණය ඇතුලු සමාගමට අදාල අභ්‍යන්තර තොරතුරු මුද්‍රණය.කල ස්ථානය, සමාගමේ හිමිකරුගේ මුදල් ගණුදෙණු පිළිබඳව කිසිදු වාර්ථාවක් හෙලිදරව් නොවීම, වැනි කරුණු සුවිශේෂී තත්වයක් නිර්මාණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අම්බුළුවාව ප්‍රශ්නය විසදන්න විශේෂඥ කමිටුවක්!

කොළඹ LNW:අම්බුළුවාව පාරිසරික කලාපයේ අවදානම් තත්ත්වය පිළිබඳ විශේෂඥ වාර්තාවක්...

එක්සත් රාජධානියෙන් ලැබුණු ආර්ථික වාසිය – ඇඟළුම් කර්මාන්තයට නව ප්‍රවේශයක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවෙන් සිදුකෙරෙන ආනයන වෙනුවෙන් බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා...

ඉංග්‍රීසි මොඩියුලයේ ප්‍රශ්නය කියන්න අගමැති මහ නායක හිමිවරු බැහැ දකියි – මාධ්‍යයටත් කතා කරයි !

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දරුවන්ගේ අධ්‍යාපනය රැක ගැනීම...