කොළඹ ප්‍රධාන වැවක තාරවුන් විශාල ප්‍රමාණයක් හදිසියේ මිය ගියේ ඇයි?

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ (LNW):

බේරේ වැවේ වාසය කරන තාරවුන් විශාල ප්‍රමාණයක් හදිසියේ මියගොස් තිබෙන බව වාර්තා වේ. මේ සඳහා සැක පලකරනුයේ, වැවේ ජලය පවිත්‍ර කිරීමට භාවිත කළ යම් රසායනික ද්‍රව්‍යක් මීට බලපා ඇති බවටයි.

ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන හෙවත් නාරා ආයතනයේ පරිසර අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පවසන්නේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ පර්යේෂණ වාර්තාව දින තුනක් ඇතුළත ලබා දීමට පියවර ගන්නා බවයි.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාශය විසින් අදාළ වාර්තාව ලබාදීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බව , ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතන හෙවත් නාරා ආයතනයේ පරිසර අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පවසයි.

දැනට වාර්තා වූ දත්ත අනුව බේරේ වැවේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉතාම පහළ අගයක් පවතින බව, නාරා ආයතනය පවසයි.මියගිය සතුන් 25ක් අතරින් සතුන් 7 දෙනෙකුගේ සිරුරු මේ වනවිට හෝමාගම පශු විමර්ශන ඒකකයට යවා තිබෙන බවත්, එහිදී සිදුකළ පරීක්ෂණ අනුව මෙය කුරුළු උණ තත්ත්වයක් නොවන බවට තහවුරු වී තිබෙන බවත් එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...