මහ කන්නයට විතරක් නෙවෙයි යල කන්නයටත් පොහොර ගේන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නෑ – නලින්

Date:

දැනට ක්‍රියාත්මක මාස් කන්නයට පමණක් නොව එළඹෙන යල කන්නයටත් අවශ්‍ය පොහොර සහ කෘෂි යෙදවුම් මෙරටට ආනයනය කිරීමට රජය සතුව වැඩපිළිවෙලක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

“දැන් මහ කන්නය විනාශවෙලා ඉවරයි. මහ කන්නයට යූරියා ගේන්න කාලයක් නෑ. මහ කන්නයට විතරක් නෙවෙයි, යල කන්නයට යූරියා සහ පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඕනෙ වෙනවා. හැබැයි මේ ඩොලර් හිඟය නිසා පොහොර ගෙන්වන සමාගම් මේ ලක්ෂයෙන් 10%ක් විතර තමයි ඇනවුම් කරලා තියෙන්නෙ. ඔවුන්ට අවශ්‍ය ඩොලර් නෑ, මහබැංකුවෙන් ඩොලර් ලබාදෙන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නෙ නෑ, බැංකුවලට ගියාම LC එකක් ඕපන් කරන්න බෑ ජාත්‍යන්තර සමාගම් අපේ LC එකක් පිළිබඳ විශ්වාසයක් නෑ, වෙනත් අතරමැදි සමාගම්වල සහතික ඉල්ලනවා.

එනිසා මහ කන්නයෙන් පස්සෙ එන යල කන්නයේත් අපට අවශ්‍ය පොහොර ටික, යෙදවුම් ටික ගේන්න පුළුවන් වාතාවරණයක් මේ ආණ්ඩුව හදලා නෑ. මේ තකතීරු කෘෂිකර්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරපු ආණ්ඩුවේ අය තවදුරටත් බලන් ඉන්නවා අර ප්‍රතික්ෂේප කරපු චීන අශූචි නැව රට තුළට ගේන්න. ඒ වගේම අසාර්ථක වුණු නැනෝ යූරියා මං දන්නෑ ආයෙත් ගේනවාද කියලා … අපට එහෙම සැකයක් තියෙනවා”

නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (25) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...