පළාත් පාලන ජන්දය ගැන රහසිගත තීන්දුව ජනාධිපති හා කථානායක වෙත!

කොළඹ LNW:පලාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොණු කර තිබෙන පෙත්සම් විභාගය අවසන් කර එම රහසිගත තීන්දුව ජනාධිපතිවරයාට සහ කථානායකවරයාට අද (27) දැනුම් දීමට නියමිතව තිබේ.

පුරා දින දෙකක් පුරා එම නඩු විභාගය පවත්වා තිබුණි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා ඇතුළු පාර්ශව හතරක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට විශ්වාසය පළකරන බවද අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...

කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...