සඳුදා දක්වා විදුලි කප්පාදුවක් නැහැ – අර්බුදය කළමනාකරණය කරන්න මහජන සහයත් ඉල්ලයි (VIDEO)

0
269

සඳුදා දින දක්වා විදුලිය කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් ප්‍රමුඛ කණ්ඩායමක් සමඟ අද (27) පස්වරුවේ පැවති සාකච්ජාවේදීයි මෙම තීරණයට පැමිණීමට හැකි වූ බවයි රත්නායක මහතා සඳහන් කරන්නේ.

විදුලි සැපයුම හා ඉල්ලුම දෙස බලා සඳුදා දින දක්වා විදුලි කප්පාදුවක් කිරීමේ අවශ්‍යතාවක් මතු නොවුණත් හෙට දිනයේදී මෙගා වොට් 30ක පමණ ධාරිතාවයේ අඩු වීමක් පවතින හෙයින් එය කළමනාකරණය කර ගැනීම සඳහා මහජන සහය බලාපොරොත්තු වෙන බවද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා රජයේ සහ පෞද්ගලික ආයතන වෙතද උපදෙස් දී ඇති බවත් ඒ අනුව වැඩි ඉල්ලුමක් පවතින කාලය තුළ අනවශ්‍ය ලෙස වායු සමීකරණ යන්ත්‍ර භාවිතය නොකිරීම, වැඩි විදුලියක් වැය වන උපකරණ භවිතයෙන් වැළකීම, විදී පහන් නිවා දැමීම ඇතුළු කාරණා ගැන අවධානය යොමුකරන ලෙසයි රත්නායක මහතා කියා සිටින්නේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here