ආසියානු මලල ක්‍රීඩාව පියවරක් පසුපසට ගනියි

Date:

නැවතත් පැතිර යන කොවිඩ් වෛරසයේ භයානකකමට පියවරක් පසුපසට ගෙන මුහුණ දීමේ යෝග්‍යතාවය තේරුම් ගනිමින් ආසියානු මලල ක්‍රීඩා සංගමය සංවිධානය කිරිමට නියමිතව තිබූ ක්‍රීඩා තරගාවලි කිහිපයක්ම පසුපසට ගන්නට තීරණය කර ඇත.

ඒ අනුව ජූනි මස 16 සිට 19 දක්වා කොරියාවේ පැවත්වීමට තිබූ ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලිය කොරියානු මලල ක්‍රීඩා සංගමයේද ඉල්ලීම ඇතුව 2023 වසරේ දිනෙක පැවත්වීමට තීරණය කර ඇත.නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා අවුරුදු 20 න් පහළ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා පවත්වන්නට නියමිතව තිබූ තරගය සුපුරුදු පරිදි පෙබරවාරි 10 – 12 පැවත්වීමට නියමිතය.

2022 පෙබරවාරි 11 සිට 13 දක්වා කසකස්තානයේ නූර් සුල්තාන්හිදී පැවැත්වීමට නියමිතව තිබූ 10 වැනි ආසියානු ගෘහස්ථ ශූරතාවලිය 2023 පෙබරවාරි දක්වා කල් තබා ඇත.- 2022 මැයි මස පැවැත්වීමට නියමිතව තිබූ අල් කුවේට් හි පැවැත්වෙන 4 වැනි ආසියානු යොවුන් ශූරතාවලිය මෙම වසරේම ඔක්තෝම්බර් මාසය දක්වාද,2022 මාර්තු 12 දිනට නියමිතව තිබූ නේපාලයේ කත්මන්ඩු හි පැවැත්වෙන 16 වැනි ආසියානු රට හරහා දිවීමේ ශූරතාව 2022 ඔක්තෝම්බර් දක්වා ද කල් දැමීමට ආසියානු මලල ක්‍රීඩා සංගමය තීරණය කර ඇත.

2022 මාර්තු 20 වැනිදා ජපානයේ නෝමි හි පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කිලෝමීටර් 20 ධාවන ශූරතාවලිය අවලංගු කර තිබෙන අතර 2022 ජනවාරි මස පැවැත්වීමට නියමිත ඉන්දියාවේ නාගලන්ඩ් හි පැවැත්වෙන දකුණු ආසියානු රට හරහා දිවීමේ ශූරතා පසුවට කල් දමා ඇත්තේ දිනයක් ප්‍රකාශ්‍යට පත් නොකරමින්ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...

අපි විශ්වාස කරනවා රිය අනතුර වෙද්දී රන්වල මන්ත්‍රීතුමා බීමතින් හිටියේ නැහැ කියලා – ඇමති නලින්ද

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ...