*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

ගල් වෙනවද? පල් වෙනවද?

වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යන බොහෝ ක්‍රීඩාව සමබන්ධ ඉල්ලීම් මෙන්ම අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට යොමු වන ක්‍රීඩාව සම්බන්ධ ඉල්ලිම් ප්‍රතික්‍රියාවක් නොමැතිව එකතැන පල් වෙනවද?නැතිනම් ගල වෙනවද යන්න ගැටළුවක් බව ක්‍රීඩා ප්‍රවීනයෝ පවසති.මේ තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට සම්බන්ධ ඇතැම් නිලධාරීන් ද සිටින්නේ දැඩි කළකිරීමෙන්ය.


බොහෝ දේ අමාත්‍යවරයා විසින් “අයියා” කෙනෙකුට දික් කරන අතර ඒවා නැවත සාකච්ඡාවට ගැනීමක් සිඳුවන්නේ නැති බව සැළවේ.එම අයියා ට ඇත්තේ එක්තරා ක්‍රීඩාවක චලනයන්ට තමන්ගේ පාලක යන්තරයක් සවි කර එය තමන්ට ඇවැසි විදිහට පවතින්න දීම පමණක් වන බව දැන ගන්නට ඇත.තවත් එම අයියා සමඟ සිටින එම කණ්ඩායමේ සාමාජිකයන් ද අයියා මෙන්ම බව ද දැනගන්නට ඇත.ඒ අයියලා හෝ නංගිලා කිහිප දෙනෙක් කරන්නේ ද තමන්ට අදාළ ක්‍රීඩාවන් සමඟ ඇරියස් පියවා ගැනිමට කටයුතු කිරිමය.
එසේම රාජ්‍ය නිලධාරීන් සේ සිටින අය ද එවැනි දේ කරන බව පෙනෙන්නට ඇත.සමහර ගැටළු ගැන වූ ලිපි හුවමාරු අධිකරණයකින් යෝජනා කර ද කෙරෙන්නේ නැත.උදාහරණයකට මේ වන විට පැසවමින් තිබෙන රගර් තහනම සහ ඊට එරෙහිව රගර් පරිපාලනයේ ආදර්ශමත් පෙනී සිටීම දක්වා පැමිණි ගමන් මඟේදී පළමු වාරනය ඒමට බලපාන බස්නාහිර සහ ඌව රගර් ගැටළුව විසිඳුණ හැටි හෝ විසඳුණ හැටි හෝ තවම අධිකරණයටවත් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කටයුතු කර නැත.එසේම ක්‍රීඩා අමාත්‍යංවරයාගේ විද්‍යුත් අත්සන යොදා ගනිමින් නිකුතු කළ ගැසට් නිවේදන ගැන උත්තරිතර යැයි කියන පාර්ලිමේන්තුවේද ප්‍රශ්න කළ ද ඒ සම්බන්ධයෙන් ගත් තීරණයක් නැත.


එසේම පාපන්දු තහනම ගැන අමාත්‍යංශයේම විමර්ශන කමිටුව ගත් තීරණය එය හිටපු ලේකම්වරයාට පැමිණි දිනය,එමෙන්ම එය අවශ්‍යය කටයුතු සඳහා සංවර්ධන දෙපාර්තමේන්තුවට පැමිණ ඇති දිනය යනාදිය සැළකිල්ලට ගත් විට එම ලිපි ගමන් කර තිබෙන්නේ ගොළුබෙල්ලෙකුගේ පිටේදැයි සැක සිතෙන තරම්ය.
ඒ නිසා මේ සියලු අයියලා ක්‍රීඩාවට පමණක් නොවේ තමන්වද සෙල්ලමකට අරගෙන බව අමාත්‍යවරයාට දැනෙන විට මේ රටට ක්‍රීඩා අමාත්‍යවරයෙක් අවශ්‍යය නැති තත්ත්වයක් උදා විය හැකිය.මන්ද සියලු ක්‍රීඩා ක්‍රීඩා ඇමතිට ඕනි හැටියට තිබිය යුතුය කියන මතයේ ඉ ඳගෙන ඔහුව මෙහෙයවන පිරිස් ජාත්‍යන්තර වශයෙන් ලංකාවේ ක්‍රීඩාවන් තහනමට ලක් වන්නට පාර කපා අවසන් විය හැකිය.
අප බොහෝ කලෙක සිට නැටුමට අදිද්දීම නැටුම අවසාන වන්නේ නටපු නැටුමකුත් නැති බෙරේ පළුවෙකුත් නැති තත්ත්වයක බවට අනතුරු හැඟෙව්වේය.ඒත් ඉතිං අඩියක් තියාගන්න බැරි මිනිස්සු වෙස් බැඳපු නැට්ටුවෝ සේ නැටුම් ගැන අදහස් කීමත් අපේ රටේ අරුමයක් නොවන්නේය.එකක් නැවත කිව යුතුය.ක්‍රීඩා නීතිය සිවිල් නඩු නීතිය අනුව තීරණ ගන්න බැරි ලෝකයක්ම එකට හකුළුවා තබා තනා ඇති නීතියකි.ක්‍රීඩා අමාත්‍යවරයා කොයි නෝනා මහත්තයා තමන්ට ඒ නිතිය ඉහත කී නීති වගෙ යැයි කියා දෙන උපදෙස් පිළිපදින්නට පෙර ඒ නෝනා හෝ මහත්තයාව යොමු කරමින් හෝ ජාත්‍යන්තර ක්‍රීඩාව ගැන අවබෝධයක් ලබා දෙන්නට කටයුතු කරන්නේ නම් මැනවි.


එතෙක් ක්‍රීඩාව සම්බන්ධ වෙනස් අදහස් ඉදිරිපත් කිරීම ගල් වීමටත් වඩා ක්‍රීඩාව මෙන්ම ඔබතුමාද එක තැනද නැත්නම් හැමවිට ද පල් විය හැකිය.එතකොට කොයි අයියලාවත් නැත.ඉතිහාසයට එකතු වන්නේ දේශපාලකයාගේ නමය.ක්‍රීඩාවේ කර ඇති හපන්කම් නොව පරිපාලනයේදී අපක්ෂපාති වන්නේ කෙසේද යන්න සහ නීතිගරුක වන්නේ කෙසේද යන්නත් වැදගත්ය.සමස්ත ක්‍රීඩාව සම්බන්ධ න්‍යායන් දත් ප්‍රායෝගිකව ලෝකයේ ක්‍රීඩාවේ සිඳුළුන වෙනස්කම් දන්න,ඒවා අධ්‍යාපනිකව උගන්වන සහ හදාරන,ක්‍රීඩාවේ නීතියේද නිරන්තරයෙන් සිඳුවන වෙනස්ම් දන්න පරිසකගෙන් උපදෙස් ගන්න හිතුවොත් නරකද?
කවුරුත් ජයග්‍රහණ ගෙනෙන්නේ රටේ ක්‍රීඩාව තිබුණොත්ය.අද රටේ ක්‍රීඩාව අධ්‍යාපන විෂයක්ය.ඒ පුළුල් ඉඩකඩ හඳුන්ගෙන වැඩ කළ යුතුය.ඒ නිසා දන්නා බොහෝ දෙනෙක් අතර ක්‍රීඩා අමාත්‍යංශය නොදන්නා ගොඩට වැටෙන එක රටේ ක්‍රීඩාවට නරකය.අඩුම තරමේ ක්‍රීඩාවේ තීරණ ගන්න පිරිස් සඳහා ඉගෙනගන්න ජාතික ඔලිම්පික් කමිටුවට කතා කර ජාත්‍යන්තර තත්ත්වය ගැන සහ කළමණාකරණය ගැන දැනුවත් කරන වැඩ පිළිවෙලකට යන්න.ප්‍රායෝගික තලය සහ එහි යාවත්කාලීන වීම ගැන අවබෝධය දෙන්න ක්‍රීඩා විද්‍යායතනයටවත් යොමු කරන්න.පාලකයා පාලනය වන පිරිසට වඩා ඉදිරියෙන් සිටිය යුතු බව සිතන්න.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan