රුසියාවෙන් යුක්රේනයට පූර්ණ පරිමාණයේ දැවැන්ත ප්‍රහාරයක් !- NATO සංවිධානය අනතුරු අඟවයි

Date:

රුසියාව සයිබර් ප්‍රහාර සහ කුමන්ත්‍රණයක් මගින් යුක්රේනය ආක්‍රමණය කළ හැකි බව NATO සංවිධානය අද (29) දිනයේ අනතුරු අඟවා සිටියි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ක්‍රෙම්ලිනය විසින් සිය නිරිත දිග දේශසීමාව ආශ්‍රිතව කාලතුවක්කු සහ පාබල හමුදාව ද ස්ථානගත කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් NATO පවසන්නේ ‘පූර්ණ පරිමාණයේ’ ප්‍රහාරයක් රුසියාව වෙතින් බලාපොරොත්තු විය යුතු බවයි. එහි අර්ථය, මෙය සයිබර් ප්‍රහාර, කුමන්ත්‍රණ මෙන්ම ගොඩබිම හා ගුවන් ප්‍රහාරවලින් ද සමන්විත විය හැකි බවයි.

යුක්රේන හමුදාව යුද්ධයට සැරසෙමින්

NATO මහලේකම් ජෙන්ස් ස්ටොල්ට් බර්ග් පැවසුවේ යුක්රේන සහ බෙලරුස් දේශසීමා අසල රුසියාව විසින් භට ඛණ්ඩ ස්ථානගත කිරීම අනවශ්‍ය කාරණයක් වන බවයි. එයින් සිදුවන්නේ බටහිර බලවේගයන් ට පීඩනයක් එල්ල වීම බව ද ඔහු පැවසුවේය.

මේ අතර ස්කයි පුවත් සේවාව යුක්රේන ජනාධිපති වොලොදොමිර් සෙලෙන්ස්කිගෙන් විමසා සිටියේ රුසියාවෙන් එල්ල වී ඇති දැවැන්ත ප්‍රහාරයේ තර්ජනය, රටේ ආර්ථිකය රැක ගැනීමේ අරමුණින් නොතකා හරින්නේ ද යන්නයි.

මෙයට පිළිතුරු වශයෙන් යුක්රේන ජනපතිවරයා පවසා තිබෙන්නේ ‘බටහිර රටවල තරමටම එම අවදානම තමන්ට ද දැනෙන බව’ යි.

නමුත් රුසියාව සහ යුක්රේනය අතර විරසකය 2014 වසර දක්වා ඈතට දිව යන බව ද ඔහු පෙන්වා දී තිබිණි. ”මේක අවුරුදු 8 ක් තිස්සේ පවතින තත්වයක්. නමුත් අපි උඩ බලාගෙන ඉන්නවා වගේම බිම බලාගෙනත් ඉන්නවා” යැයි ද ඔහු කියා තිබේ.

”අපිට මේ ප්‍රශ්නය නිසා අපේ ආර්ථිකය අහිමි වෙන්න පුළුවන්. නමුත් ජනතාව තමයි අංක 1. 2020 වසරේදී තිබුණු තර්ජනාත්මක බවට වඩා 2021 වසරේදී තත්වය උත්සන්න වුණා..” යැයි ද ඔහු තවදුරටත් පැවසුවේය.

රුසියාව ඔ්නෑම මොහොතක යුකරේනය ආක්‍රමණය කළ හැකි බවට ඇතැම් වාර්තාවල සඳහන් වෙද්දී ඇතැම් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ පුටින් මෙවැනි බරපතළ තීරණයක් සඳහා පෙබරවාරි මාසය වන තෙක් ප්‍රවේශමෙන් කල් මරන බවයි.

රුසියාවට යුක්රේනය මෙතරම් වැදගත් ඇයි? ඉදිරි ලිපියකින් ඒ ගැන සවිස්තරාත්මකව කතා කරමු.

AMALI JAYAWEERA – OUTBOUND TODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...