ශ්‍රී ලංකාව පිළිබද IMF පළමු වාරික ඇගයීම නිකුත් කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 29 කොළඹ (LNW): ශ්‍රී ලංකාව පිළිබද පළමු වාරික ඇගයීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කර ඇත.

වෙරිටේ රිසර්ච් සදහන් කරන්නේ, පසුගිය නොවැම්බර් මාසය වන විට ඉටුකළයුතු කැපවීම් 73න් 60ක් ඉටුකර ඇති අතර 13ක් ඉටු කිරීමට නොහැකි වී ඇති බවයි,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තු මාසයේ ආරම්භ කළ දැනට ක්‍රියාත්මක විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනේ පළමු අදියර තුළ ශ්‍රීලංකාවේ කාර්ය සාධනය පිළිබද සිය ඇගයීම් ප්‍රකාශයට පත්කර ඇත.

පසුගිය නොවැම්බර් මාසය අවසන් වන විට ඉටුකළ යුතු කැපවීම් 73න් 60ක් ඉටු කර ඇති බව මෙරට ක්‍රියාත්මක වැඩසටහනේ ප්‍රගතිය විමසුමට ලක්කරන වෙරිටේ රිසර්ච් පෙන්වා දෙයි.

ඉතිරි 13 ඉටු නොකළ කැපවිම් වන අතර ඉන් 08ක් දෙවන අදියර තෙක් ඉදිරියට ගෙන ගොස් ඇත.

ඉතිරි කැපවීම් 05 කිසිසේත්ම ඉටු කළ නොහැකි අතර එම කැපවීම් ඉදිරියට ගෙන යාමට ද නොහැකි බව හදුනාගෙන ඇත.

නොවැම්බර් මාසය වන විට අවසන් කිරීමට නියමිතව තිබූ කැපවීම් 27ක් නියමිත දිනයන් වෙනස්කර හෝ දීර්ඝ කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පියවර ගෙන ඇත.

එම මාසය වන විට ඉටුකළයුතුව තිබුණද එසේ නොකිරීම නිසා ඉදිරියට ගෙන ගිය කැපවීම් 08ද එකතුකර කැපවීම් 35ක් ඉටුකළ යුතු කැපවීම් ලෙස මූල්‍ය අරමුදල නම්කර තිබේ.

එම කැපවීම්වලට අමතරව ශ්‍රීලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම වැඩසටහනට නව කැපවීම් 75ක් එක්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටත් , ජනතාවත්, ශාසනයත් අනතුරේ – අල්ලේ ගුණවංශ හිමි කැබිනට් සංශෝධනයක් ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය අධ්‍යාපන අමාත්‍ය...

විපක්ෂ නායක සජිත්ගේ උපන්දිනය අද. සජබ – එජාප සමගියට නව බලාපොරොත්තුවක් ?

සමගි ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...

CIDය කොළඹ ජාතික රෝහලේදී රනිල්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගෙන් ප්‍රශ්න කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ජාතික රෝහලේදී හිටපු ජනාධිපති රනිල්...

අගමැති ඉවත් කරනවාද ? – ටිල්වින්ගෙන් සෘජු පිළිතුරක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ වත්මන් අගමැති ධුරයේ වෙනසක් කිසිසේත්...