2040 වන විට පිළිකා රෝග ව්‍යාප්තිය ගැන පුරෝකතනයක්!

කොළඹ LNW: 2040 වසර වන විට ගෝලීය පිළිකා රෝගීන් සංඛ්‍යාව මිලියන 30ක දක්වා ළඟා විය හැකි බවට පුරෝකථනය කර තිබේ.

ශ්‍රී ලංකාව තුලද 2021 දී ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන් 37,753 ක් වාර්තා වී ඇති අතර ඉන් පිරිමින් 17,582 ක් සහ කාන්තාවන් 20,171 ක් සිටි බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබුණේ.

සාමාන්‍යයෙන් දිනකට නව පිළිකා රෝගීන් 104 ක් හඳුනා ගන්නා අතර වඩාත් සුලභ පිළිකා ලෙස පිරිමින් තුළ මුඛ පිළිකා සහ පෙනහළු පිළිකා මෙන්ම කාන්තාවන් තුළ පියයුරු පිළිකා හඳුනා ගත හැකි බවයි.

පිළිකා යනු තනි රෝගයක් නොව ශරීරයේ අසාමාන්‍ය සෛල පාලනයකින් තොරව වර්ධනය වන විට ඇතිවන ආශ්‍රිත රෝග සමූහයකි.

හානිකර රසායනික ද්‍රව්‍ය,සෞඛ්‍යයට අහිතකර ආහාර, දුම්පානය සහ මත්පැන් පානය ඇතුළු විවිධ සාධක නිසා පිළිකා ඇති විය හැකි අතර පුද්ගල චර්යාවන් වෙනස් කරගැනීමෙන් බොහෝ විට මෙම රෝගී තත්ත්වයට ගොදුරු වීමෙන් වැලකී සිටිය හැකි බවටද සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන කාරණයකි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දැල් වූ පහන් ඉතිරි කරමින් මැකී ගිය රන් ස්වරය

සටහන: සශිකලා මධුෂාණී සිංහල සංගීතය සහ ටෙලිනාට්‍ය කලාව තුළ සිය...

රන්ජන් ජයලාල්ගේ මුග්ධ ප්‍රකාශය තරයේ හෙළාදකිනවා. ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල මීටපෙර පෞද්ගලික සමාගම් වෙතින් පළාත් පාලන...

2027 අයවැය : සංවර්ධනයට මුල් තැන

රෂිකා හෙන්නායක නොවැම්බර් 12, කොළඹ LNW: 2027 වසරේ සංවර්ධන අරමුදල්...

2027 අයවැය : මාර්ග සංවර්ධනයට බිලියන 487ක්

දුම්රිය මාර්ග ද ඇතුළුව මෙරට මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම...