උතුරේ දෙමළ ජනතාවගේ ඉඩම් අක්කර 100ක් නැවත පවරා දෙයි

Date:

උතුරේ ආරක්ෂක අංශ මෙතෙක් පරිහරණය කළ දෙමළ ජනතාව සතු පෞද්ගලික ඉඩම් ලෙස හදුනාගත් අක්කර 100ක ඉඩම් ප්‍රමාණයක් එම ජනතාව වෙත පවරා දෙන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.

ආරක්ෂක අංශ පරිහරණය කරන ඔවුන්ගේ පෞද්ලික ඉඩම් යළි ඔවුන්ට පවරා දෙන ලෙසට උතුරේ දෙමළ ජනතාව පසුගිය කාලයේ දැඩි බලපෑමක් කළ අතර හදුනාගත් එම ඉඩම්වල පවත්වාගෙන ගිය කඳවුරු වෙනත් ස්ථානවල ස්ථාපිත කොට එම ඉඩම්වල පෙර හිමිකරුවන් වෙත ඒවා පැවරීමට සාගල රත්නායක උපදෙස් දී තිබේ.

ඒ අනුව, දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මෙම ඉඩම්වල අයිතිය එම ජනතාව වෙත පැවරීමට නියමිතය. සාගල රත්නායක මහතා උපදෙස් ලබාදී ඇත්තේ පෙබරවාරි මස 11 දාට පෙර මෙම ඉඩම් ජනතාව වෙත මුදා හරින ලෙස ය.

මෙරට 75 වැනි නිදහසට සමගාමීව මෙම ඉඩම් මුදා හැරෙන අතර දෙමළ ජනතාව අතර සංහිදියාව වර්ධනය කිරීම වෙනුවෙන් තවදුරටත් ඔවුන් සතු ඉඩම් ඇතිනම් ඒවා ද නීත්‍යානූකූල තත්ත්වය සොයා බලා පවරාදීමට කටයුතු කරන බව සාගල රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...