පන්සිල් රකින නියම බෞද්ධයෝ තමයි NPP වේදිකාවේ ඉන්නේ – සංගීත් විජේසූරිය

Date:

දේශපාලනය තමාගේ විෂයය නොවන අතර, පවුල්වලට, රජවරුන්ට ආදී යල් පැනගිය අදහස්වලට තමා කැමති නැති බැවින් සහ තමා කලාකරුවකු වශයෙන් ජීවත් කරවන මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිමේ අභිලාෂයෙන් ජාතික ජන බලවේගයේ වේදිකාවට අද එක්ව සිටින බව ප්‍රවීණ සංගීත ශිල්පී සංගීත් විජේසූරිය මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය බැංකු සහ මූල්‍ය සමුළුවට කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්වූ අවස්ථාවේ ය.

“රටට සිදුවී ඇති විනාශය තුළ සිංදුවක් කියාගෙන පාඩුවේ ඉන්න හැකියාවක් නැහැ. මට මෙහි සිටින ඔබට දෙන්න අවවාදයක් නැහැ. අවවාද දිය යුතුව තියෙන්නේ ගම්වල ඉන්න වැඩිහිටියන්ටයි. ඔබ සියලු දෙනා මේ පිළිබඳ අවබෝධයෙන් සිටින එක ගැන මට සතුටුයි. ඉදිරියට මගේ රට හැදේවියැයි විශ්වාසයක් ඇතිවෙනවා. දේශපාලනය මගේ විෂයය නෙමෙයි. ඒත් මම මෙතනට ඇවිත් තියෙන්නෙ අපේ රටේ මිනිස්සු වෙනුවෙන්. මම ජීවත් වෙන්නෙ මිනිස්සුන්ගෙන්; මිනිස්සු සතුටු කරලා ලැබෙන මුදලින්. එහෙම බැලුවාම මට පක්ෂයක් වැඩක් නැහැ. පාසල් යන කාලයේ ඉඳලා මම වාමාංශික අදහස්වලට ආදරෙයි. බෙදාහදා ගන්න අදහස්වලට මම හරි ආදරෙයි. මගෙ බෑන්ඩ් එකත් එහෙමයි. අපි ටීම් එකක්. මම ආසයි ටීම්වලට. පවුල්වලට, රජ්ජුරුවන්ට යල්පැනගිය අදහස්වලට මම ආසා නැහැ. මම මෙතනට ඇවිල්ල ඉන්නෙ ඒකයි.

මම කඩේ යන්නෙ ගම්වල ආදරණීය අම්මලා තාත්තලා වෙනුවෙන්. මේ කඩේ අපිට ගන්න මුකුත් නෑ. දේශපාලනේ අද බිස්නස් එකක් වෙලා. මේ වේදිකාව විතරයි එහෙම නැත්තෙ. අම්මලා තාත්තලටයි මේ පණිවිඩේ යන්න ඕනෑ. මේ මිනිස්සු විතරයි අපිට ඉන්නෙ කියලා එයාලව දැනුවත් කරන්න ඕනෑ. අපි පාක්ෂික වෙන්න ඕනෙ කියල මම කියන්නෙ නෑ. එයාලත් අපිට පක්ෂවලට බැඳෙන්න කියල කියන්නෙ නෑ. බුදු දහමෙ වගේ ‘එව බලව’. අපිට මේක තමයි දැන් තියෙන්නෙ. අපි රට හදාගන්න පස්සෙන් යමු. පෞද්ගලිකව මුකුත් ලැබෙන්නෙ නෑ. පොදු දේවල් තමයි අපිටත් ලැබෙන්නෙ. කවුරු හරි එනවනම් පස් කපන්න, වැලි කපන්න, දිනුවට පස්සෙ රජයේ ෂෝ ටික ගහන්න, මාටියා ගහන්න, කලාකරුවන් සමහරු එහෙමනෙ. පක්ෂවලට උදව් කරලා රූපවාහිනිය, ගුවන්විදුලිය සභාපතිකම් ගන්න, රජයේ උත්සව අරගෙන සල්ලි හොයන්න පුළුවන්නෙ. හැබැයි මෙතන එහෙම බැහැ. මෙතන තියෙන්නෙ පොදු වැඩපිළිවෙළක්. මේ සංස්කෘතිය අපේ රටේ හැදෙන්නම ඕනෑ. සුදුස්සාට සුදුසු තැන එන්න ඕනෑ. පොලීසිය දේශපාලනීකරණය වෙලා. පන්සල් ටික, හාමුදුරුවරුන්ව දේශපාලනීකරණය කරනවා. මම ඒකට හරිම තරහයි. සතුටක් ලබා ගන්න තියෙන දහම පවා මිනිස්සුන්ට එපා කරවනවා. අවංකවම මෙයාලට යන්න ලෝකයක් නෑ.

ගමේ අම්මල තාත්තලා හිතනවා මල් වට්ටි අරන් පන්සල් යන්න ඕනෑ කියලා. ඒත් මම දකින නියම බෞද්ධයො තමයි මේ වේදිකාවෙ ඉන්නෙ. සරලම දේ වෙන පන්සිල් රකින අය. සමහර වෙලාවට මටත් එකක් දෙකක් රකින්න බැරිවෙනවා. මේ වේදිකාවෙ මිනිස්සු එහෙම නෑ. පොළවෙ පය ගහල ඉන්න මිනිස්සු. බනින්න වුණත් පුළුවන්. එයලා අපේ මිනිස්සු. උඩින් යන පවුල්වල උන් නෙමෙයි. පව්… අපේ ගම්වල අම්මලා තාත්තලා වහල් බවේ ගිල්ලලා. ඡන්දය වෙනුවෙන් වහල්භාවය පවත්වා ගෙන යනවා. අම්මේ තාත්තේ, මේක බලන කලාකරුවනි, ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා මේ රට වෙනස් කරන්න එන්න කියලා. අයෙත්නම් වෙන්වෙලා බව බොරුවට පෙන්වන අයට ඡන්දෙ දෙන්න එපා. අපි හැමෝම එකතු වෙලා මේ රට වෙනස් කරමු. ලස්සන අනාගතයක් තියෙන රටක් කරන්න මේ වේදිකාවෙ අයට මේ රට බාර දෙමු “

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...