සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි , 02 කොළඹ (LNW): ජනපති මැදිහත්වීමෙන් මුදල් අමාත්‍යාංශය සමග සාකච්චාවක් පැවැත්වීමට නියමිත බවත්,විසඳුම් නැත්නම් බදදා සිට අත් හිටවූ වර්ජනය නැවත අරඹන බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.
වර්ජනය ලබන බදාදා තෙක් තාවකාලිකව අත් හිටුවා ඇති අතර, හෙට උදෑසන 6.30 සිට සියලු සෞඛ්‍ය සේවාවන් යථා තත්වයට පත් කෙරෙන බව සඳහන් වේ.
ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත ලබන අගහරුවාදා මුදල් අමාත්‍යාංශය සමග තීරණාතමක සාකච්චාවක් පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පවසයි.
