ඕමික්‍රෝන් මධ්‍යයේත් 2022 ජනවාරියේ විදෙස් සංචාරකයින් 82000 ලංකාවට පැමිණේ

Date:

පසුගිය ජනවාරි මාසයේ දී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 82,327 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

එහිදී වැඩිම සංචාරකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එය 13,478 කි.

එසේම ඉන්දියාවෙන් 11,751 ක්, යුක්‍රේනයෙන් 7,774 ක්, එක්සත් රාජධානියෙන් 7,442 ක් සහා ජර්මනියෙන් 5,339 ක් වශයෙන් ජනවාරි මාසය තුළ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි සෙසු රටවල් වේ.

පසුගිය 2021 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින් ගණන 194,495 ක් වේ.

2022 වසර පුරාවට විදෙස් සංචාරකයන් මිලියන 2.3 ක් ආකර්ෂණය කර ගැනීමේ ඉලක්කයක් සහිතව සිටි ශ්‍රී ලංකාව ඕමික්‍රෝන් වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එම පුරෝකථනය මිලියන 1.1 දක්වා සංශෝධනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...