රන්ජන් හෙට නිදහස්ද? (VIDEO)

Date:

හෙට දිනට යෙදී තිබෙන 74 වෙනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා සතු බලතල අනුව සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස් ලැබෙන බවට විවිධ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් තිබෙන නමුත් රාමනායක මහතාව නිදහස් කිරීම සඳහා වන ලිඛිත නියෝගයක් බන්ධනාගාර දෙපාර්තමන්තුව වෙත මෙතෙක් ලැබී නැති බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා අද (03) මාධ්‍ය වෙත පැවසුවේය.

සෑම මාධ්‍යයක් විසින්ම ඒ ගැන තමන්ගෙන් විමසා ඇති බවයි ඒකනායක මහතා කියා සිටියේ.

කෙසේවෙතත් ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපතිවරයා සතු බලතල අනුව රැඳවියන් 197 කු නිදහස ලබන බවද ඔහු සඳහන් කළේය.

හෙට දිනයේදී බන්ධනාගාර රැඳවියන් වෙත විශේෂ ආහාර වේලක් ලබා දීමට නියමිත අතර අමුත්තන් හමුවීම සඳහාද අවස්ථාවක් ලබා දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උප පොලිස් පරීක්‍ෂකවරයෙකු අල්ලස් ලබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : කින්නියා පොලිස් ස්ථානයේ...

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...