මාර්වල් ලෝකයේ තවත් පරිච්ඡේදයක් පෙරලමින් The Fantastic Four: First Steps හි ට්‍රේලරය නිකුත් වෙයි!

Date:

සටහන – පුලී
පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 The Fantastic Four: First Steps නවතම මාර්වල් කොමික් සිනමාංඟය Fantastic Four හි සුපිරිවීරයන් මත පදනම් වූ ඇමරිකානු සුපිරි වීර චිත්‍රපටයකි.

Marvel Studios විසින් නිෂ්පාදනය කරන ලද සහ Walt Disney Studios Motion Pictures විසින් බෙදාහරින ලද, මෙම සිනමාංඟය Marvel Cinematic Universe (MCU) හි 37 වන චිත්‍රපටය සහ Fantastic Four චිත්‍රපට මාලාවේ දෙවන කතාංගය වන අතර Matt Shakman විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලදී.

Pedro Pascal – Reed Richards ලෙසත්, Vanessa Kirby – Sue Storm ලෙසත්, Joseph Quinn – Johnny Storm ලෙසත්, සහ Ebon Moss-Bachrach – Ben Grimm ලෙසත් මේ සඳහා සිය රංගනයෙන් දායක වේ.

Fantastic Four (2015) අසාර්ථක වීමෙන් පසුව විසිවන සියවසේ නවමු අයුරකින් Fantastic Four චිත්‍රපටයක වැඩ ආරම්භ කර තිබුණි.

The Fantastic Four: First Steps නමින් හඳුන්වන මෙම චිත්‍රපටය 2025 ජූලි 25 දින එක්සත් ජනපදයේ දී එළි දැක්වීමට නියමිතය.

පසුගිය ගිම්හානයේ Deadpool සහ Wolverine ගේ ආගමනයෙන් පසුව Captain America සිව්වන කතාංගය Brave New World ලෙසින් ද කරළියට පැමිණෙන බව දැනගත හැකි විය.

එමෙන්ම The Fantastic Four: First Steps හි ට්‍රේලරය මේ වනවිට මාර්වල් ෆෑන්ස්ලා කලබමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...