ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්.සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමානයේ ඩී.එස් සේනානායක මැතිතුමාගේ පිළිරුවට 76 වන නිදහස් දින නිමිත්තෙන් පුෂ්පෝපහාර දැක්වීම ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවේ පිහිටි එතුමාගේ පිළිරුව අභියසදී සිදු කෙරිණ.

මහනුවර මහ නගර සභාව මගින් සංවිධානය කරන මෙම වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් වූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.නිදහස් දින සැමරුම නිමිත්තෙන් ආණ්ඩුකාරවරයා ජාතික ධජය එසවීමෙන් අනතුරුව ජාතික ගීය වාදනය කිරීම එහිදී සිදු විය.

ඩී.එස්.සේනානායක සමරු ගීතය ගායනා කිරීමෙන් අනතුරුව එම පිළිරුවට පුෂ්පෝ ප්‍රහාර දැක්වීම එහිදී සිදු වූ අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන්, රජයේ නිලධාරීන් සහ පාසල් දරු දැරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ 28 තෙක් රෝහලේ: වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : හිටපු රාජ්‍ය බුද්ධි...

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...