*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

විරේන්ට අවසාන තරගය මඟ හැරෙයි

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 04 කොළඹ (LNW): ඉරානයේ පැවත්වෙන 32nd Iran Fajr International Challenge 2024 තරගාවලියේ අවසන් තරගය සඳහා පැවති බලාපොරොත්තු සුනු විසුණු කරමින් අවසන් පූර්ව තරගයේදී වියට්නාමය නියෝජනය කළ න්ගුයෙන් හායි ඩෑන්ග් ඉදිරියේ පරාජය වැළඳ ගන්නට විරේන් නෙත්තසිංහට සිඳු වූණා.තරගයට පෙරාතුව තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් සහ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලද පෙරමුණේ සිටි විරේන්,මෙම තරගයේදී ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් තිබෙන වියට්නාම බැඩ්මින්ටන් සංස්කෘතියේ හැඩය ඉදිරියේ පසු බෑ බව කිව හැකියි.
විරේන් සහ ඩෑන් ගත් විට ජාත්‍යන්තර වශයෙන් වැඩි තරග ප්‍රමාණයක් ඩෑන් ක්‍රීඩා කර තිබෙන අතර ඔවුන් නියෝජනය කරන අග්නිදිග ආසියානු කළාපයේ රටවල්වල ඉහළ බැඩ්මින්ටන් සංස්කෘතිය මෙන්ම ඊට යම් ආකාරයකින් නෑකම් දක්වන ජානමය ලක්ෂණ ද සහිත ඩෑන් පොළවේ පවතින බැඩිමින්ටන් හා සසඳද්දී විරේන්ට වඩා ඉදිරියෙන් සිටීම බලපෑවා.එහෙත් කිසිම හේතුවක් ලෙස මේවා පරාජයේ නිදහසට කරුණු නොවුණ ද,ඒවා පරාජයට බලපාන ආකාරය ගැන සඳහන් කිරීම වැදගත්.


අවසන් තරගයේදී තරගයට යොදා ගත් පිහාටු මලේ ගමන් වේගය අඩුවන ආකාරයට මූලිකව සැළසුම් කර තිබුණා.මේ තත්ත්වයට ඔරොත්තු දෙන්නට විවිධ තත්ත්වයන් යටතේ වැඩි තරග අත්දැකීම් සහිත වාසිය ඩෑන්ග් සතු කර ගන්නට සමත් වුණා.එම තත්ත්වය තුළ ද විරෙන් පළමු වටයේ ලකුණු 11 දක්වාම තරගයේ ඉදිරියෙන් සිටිය අතර දෙවන වටයේ දී ලකුණු 16 – 11 ලෙස ඉදිරියෙන් රැදී සිටින්නට ද සමත් වුණා.මේ අවස්ථාවන් හී දී වේගයේ මඳ බව හොඳින් ප්‍රයෝජනයට ගන්නට ඒ අවස්ථාවන් හොඳින් විඳ ඇති ඩෑන් ග් සමත් වූ අතර ඔහු තරග වට දෙක ලකුණු 21 – 15 ක් සහ 21 – 19 ක් ලෙස ජය ගන්නට සමත් වුණා.
වෘත්තිමය මට්ටමෙන් ක්‍රීඩා කරන ඩෑන්ග් වැනි ක්‍රීඩකයින් මේ තරගාවලියට එන කණ්ඩායම විරේන්ට නොමැති අතර මේ තරගාවලි සඳහා ඉදිරිපත් වන්නේ සිය පියා සමඟයි.මේ තත්ත්වයට මුහුණ දීමද ශ්‍රී ලංකාව රටක් හැටියට පවතින තත්ත්වය හා සසඳද්දී පහසු නැති අතර විරේන්ව හෝ මේ තරගාවලි සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා බැඩිමින්ටන් දරණ උත්සාහය අගය කළ යුතු ඒ නිසයි.විශේෂයෙන්ම තවමත් විසි හැවිරිදි විරේන්ට ඇති ඉදිරි කාලය තුළ ඔහු වෘත්තීය මට්ටමෙන් ජාත්‍යන්තර බැඩිමින්ටන් පිටිය තුළ ස්ථාවර වීමට මේ ලබා දෙන සහයෝගය දුෂ්කරතා දරා ගනිමින් ප්‍රයෝජනයට ගන්නේ නම් ඒ සියලු ගැටළු තමන්ටම කළමණාකරනය කර ගත හැකි මට්ටමකට පක්විය හැකි අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මේ දරණ වෙහෙසේ ඒ අවසාන ප්‍රතිපලය විරෙන් අත් කර ගන්නේ නම් තවත් ලාංකේය ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර මට්ටමට පිවිසෙන්නට මාර්ගය විවර වෙනු නිසැකයි.


විරේන් මුහුණ දුන් මේ තරගයේ දී ප්‍රධාන තරග සැළසුමේ ක්‍රීඩකයින් 64 ක් සිටි අතර ඒ නිසා විරේන් අවසාන පූර්ව තරගය සඳහා එන්නට තරග 4 ක් ජය ගන්නට සිඳු වුණා.ඒ නිසා ඔහුට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් හී ඉදිරියට යාම සඳහා විශාල ලකුණු ප්‍රමාණයක් හිමිවන අතර මේ දස්කම වෙනුවෙන් මුදල් ත්‍යාගයක් ද හිමීවීමට නියමිතයි.ඒ ආකාරයෙන් බලන විට මේ තරගාවලිය විරෙන්ගේ බැඩිමින්ටන් ජීවීතයට හොඳ අත්දැකීම් සහිත ජයග්‍රහණ ලබා දුන් තරගාවලියක් වන අතර පැරිස් බැඩ්මින්ටන් සිහිනයට හොඳ ශක්තියක් සපයන තරගාවලියක් ලෙස හැඳින්විය හැකියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan