නීති විරෝධී බීඩි කොළ කිලෝ 2000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි , 04 කොළඹ (LNW):මෙරටට ගෙන්වන ලද නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් බීඩි කොළ ප්‍රවාහණය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වැටලීම සිදු කර තිබෙන්නේ, පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව, දූන්ගල්පිටිය මාර්ගයේ දී බව පොලිසිය කියයි.

එහි දී නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 2,058 ග්‍රෑම් 300 ක් බලපත්‍ර රහිතව ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...