ටෙක්සාස් හී වෙසෙන ලංකාවෙ උස රජ්ජුරුවෝ

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 05 කොළඹ (LNW): Texas A&M Track & Field නිල මුහුණු පොත ඔවුන්ගේ රජ කෙනෙක් ගැන නැවත පැමිණීමක් ගැන සටහනක් තබා තිබුණා.ඒ පෙබරවාරි 4 වන දා.ඒ ශ්‍රී ලංකාවේ තරුණයෙක් වන උෂාන් තිවංක පෙරේරා ගැනයි.ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික වාර්තාව වන මීටර් 2.30 හී හිමිකරුවා වන උෂාන් එහි පැවත්වූ Texas A&M Charlie Thomas Invitational මලල ක්‍රීඩා සූරතාවලියේදී උස පැනීමේ ඉසව්ව ජය ගනිමින් දක්වන ලද දක්ෂතා අගයමින් මුහුණු පොතේ එම සටහන තබා තිබුණා.


උෂාන් එහිදී දක්වන ලද දක්ෂතාවය වූයේ මීටර් 2.20 කි.කලකට පසුව සුව සහිතව මේ තරග වාරයේ ආරම්භක තරගයට සහභාගි වූ උෂාන්ගේ මෙම ජයග්‍රාහී දක්ෂතාවය සැළකෙන්නේ ඔහු නියෝජනය කරන Texas A&M Track & Field හී ක්‍රීඩකයෙක් උස පැනීමේ ඉසව්වෙන් පෑ හොඳම හයවන පිම්ම ලෙසය.
තවමත් ශ්‍රී ලංකාව මේ දක්ෂතාවලින් නිසි පල ලබා ගැනීමට අපොහොසත්ව ඇති අතර ඔහු ජාත්‍යන්තර මට්ටමේ අවධානය දිනූ ඇමෙරිකාව තුළ පවතින තරගවලදී ජයග්‍රහණවලට පිවිසෙමින් තරගවදින වෘත්තීය මලල ක්‍රීඩකයෙකි.උෂාන් ගේ මව සහ පියා දෙදෙනාම පාදවල ආබාධ සහිත අයය.අදටත් මහබාගේ පිහිටි ආබාධ සහිත ප්‍රජාවගේ ස්ථානයක වෙසෙන උෂාන් සිය හැකියාවෙන් ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය සහ සිය ක්‍රීඩාව උසස් ස්ථානයකට පත් කර ගැනීමේ මාවත සකසා ගෙන ඇත.

පහතින් දැක්වෙන්නේ උෂාන්ගේ ආදරණීය දෙමව්පියන් සමඟ කරන ලද සාකච්ඡාවකි.
https://www.youtube.com/watch?v=kq-dFmQ69mM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...