ටෙක්සාස් හී වෙසෙන ලංකාවෙ උස රජ්ජුරුවෝ

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 05 කොළඹ (LNW): Texas A&M Track & Field නිල මුහුණු පොත ඔවුන්ගේ රජ කෙනෙක් ගැන නැවත පැමිණීමක් ගැන සටහනක් තබා තිබුණා.ඒ පෙබරවාරි 4 වන දා.ඒ ශ්‍රී ලංකාවේ තරුණයෙක් වන උෂාන් තිවංක පෙරේරා ගැනයි.ශ්‍රී ලංකාවේ උස පැනීමේ ජාතික වාර්තාව වන මීටර් 2.30 හී හිමිකරුවා වන උෂාන් එහි පැවත්වූ Texas A&M Charlie Thomas Invitational මලල ක්‍රීඩා සූරතාවලියේදී උස පැනීමේ ඉසව්ව ජය ගනිමින් දක්වන ලද දක්ෂතා අගයමින් මුහුණු පොතේ එම සටහන තබා තිබුණා.


උෂාන් එහිදී දක්වන ලද දක්ෂතාවය වූයේ මීටර් 2.20 කි.කලකට පසුව සුව සහිතව මේ තරග වාරයේ ආරම්භක තරගයට සහභාගි වූ උෂාන්ගේ මෙම ජයග්‍රාහී දක්ෂතාවය සැළකෙන්නේ ඔහු නියෝජනය කරන Texas A&M Track & Field හී ක්‍රීඩකයෙක් උස පැනීමේ ඉසව්වෙන් පෑ හොඳම හයවන පිම්ම ලෙසය.
තවමත් ශ්‍රී ලංකාව මේ දක්ෂතාවලින් නිසි පල ලබා ගැනීමට අපොහොසත්ව ඇති අතර ඔහු ජාත්‍යන්තර මට්ටමේ අවධානය දිනූ ඇමෙරිකාව තුළ පවතින තරගවලදී ජයග්‍රහණවලට පිවිසෙමින් තරගවදින වෘත්තීය මලල ක්‍රීඩකයෙකි.උෂාන් ගේ මව සහ පියා දෙදෙනාම පාදවල ආබාධ සහිත අයය.අදටත් මහබාගේ පිහිටි ආබාධ සහිත ප්‍රජාවගේ ස්ථානයක වෙසෙන උෂාන් සිය හැකියාවෙන් ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය සහ සිය ක්‍රීඩාව උසස් ස්ථානයකට පත් කර ගැනීමේ මාවත සකසා ගෙන ඇත.

පහතින් දැක්වෙන්නේ උෂාන්ගේ ආදරණීය දෙමව්පියන් සමඟ කරන ලද සාකච්ඡාවකි.
https://www.youtube.com/watch?v=kq-dFmQ69mM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...