හොරුන්ට දඬුවම් දෙනවා නම් කෙහෙළියට ඩබල් දෙන්න ඕනේ! (VIDEO)

Date:

කොළඹ LNW:රට බංකොලොත් වූ පසුබිමකත් හොරා කෑ කෙහෙළිය වැනි ඇමතිවරුන්ට දඬුවම් දෙන්නේ නම් එම දඬුවම ඩබල් විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ඔහු සැබෑ ලෙසම සිදුකර ඇත්තේ අම්මාගේ මිනිය සාලේ තබාගෙන බූරුවා ගැහුවා වගේ වැඩක් බවයි ලක්තිලක මහතා සඳහන් කරන්නේ.

“රට බංකොලොත් වෙලා. බංකොලොත් වීමේ ආදීනව, අපි දිනපතා භුක්ති විඳිනවා. ඔබ දැක්කා රටවැසියෝ සතුටු වෙලා තිබුණා කෙහෙලිය රඹුක්වැල්ල මහත්තයා අත්අඩංගුවට ගැනීම ගැන. මේ අපේ රටේ දේශපාලන පන්තිය මේ හොරකම කරේ බංකොලොත් වුණාට පස්සේ නෙවෙයි. ඒකයි මේකේ තියෙන වැදගත්කම. රට බංකොලොත් වෙන්න ඉස්සෙල්ලා හොරකම් කරා මහින්ද රාජපක්ෂලා. එයාගේ ගෝලබාලයෝ. මේ කරේ රට බංකොලොත් වුණාට පස්සේ ඉන්දියාව අපිට පිනට දීපු සල්ලි ටිකෙන්. ඒකටත් කෙලින්නයි ගියේ. ඒක හරියට කොයි වගේද? අම්මගේ මිනිය සාලේ තියාගෙන බූරුවා ගහනවා වගේ වැඩක්. මෙන්න මේකයි අපේ දේශපාලන පන්තියේ ඔය මහින්දගේ ගෝලබාලයොන්ගේ හැදියාව. ඒ නිසා හොරුන්ට දඬුවම් දෙනවා නම් කෙහෙලියට ඩබල් දඬුවම් දෙන්න ඕනෙයි කියලා අපි කියනවා.” යනුවෙන් ඔහු තවදුරටත් කියා සිටියි.

මේ අතර ගිලන්ව සිටින රට ගොඩගත හැක්කේ තෙල්බෙහෙත්කරුවන්ට නොව හුරුබුහුටි නායකත්වයකට බවයි ඔහු පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවට මලල ක්‍රීඩකයෙක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි...

දවසේ උපුටා දැක්වීම: “I don’t care that they stole my idea… I care that they don’t have any of their own.” මානවයා ගැන නිකොලා...

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): නිකොලා ටෙස්ලාගේ දවසේ...

බටහිර ඉවුරේ ඉඩම් ලියාපදිංචි කිරීමේ නීති වෙනස් කිරීමට ඊශ්‍රායල රජයෙන් පියවර..

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අත්පත් කරගත් බටහිර...

උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා නාමල්ගේ ඩුබායි සල්ලි ගැනත් අපි හොයනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා...