හොරුන්ට දඬුවම් දෙනවා නම් කෙහෙළියට ඩබල් දෙන්න ඕනේ! (VIDEO)

Date:

කොළඹ LNW:රට බංකොලොත් වූ පසුබිමකත් හොරා කෑ කෙහෙළිය වැනි ඇමතිවරුන්ට දඬුවම් දෙන්නේ නම් එම දඬුවම ඩබල් විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ඔහු සැබෑ ලෙසම සිදුකර ඇත්තේ අම්මාගේ මිනිය සාලේ තබාගෙන බූරුවා ගැහුවා වගේ වැඩක් බවයි ලක්තිලක මහතා සඳහන් කරන්නේ.

“රට බංකොලොත් වෙලා. බංකොලොත් වීමේ ආදීනව, අපි දිනපතා භුක්ති විඳිනවා. ඔබ දැක්කා රටවැසියෝ සතුටු වෙලා තිබුණා කෙහෙලිය රඹුක්වැල්ල මහත්තයා අත්අඩංගුවට ගැනීම ගැන. මේ අපේ රටේ දේශපාලන පන්තිය මේ හොරකම කරේ බංකොලොත් වුණාට පස්සේ නෙවෙයි. ඒකයි මේකේ තියෙන වැදගත්කම. රට බංකොලොත් වෙන්න ඉස්සෙල්ලා හොරකම් කරා මහින්ද රාජපක්ෂලා. එයාගේ ගෝලබාලයෝ. මේ කරේ රට බංකොලොත් වුණාට පස්සේ ඉන්දියාව අපිට පිනට දීපු සල්ලි ටිකෙන්. ඒකටත් කෙලින්නයි ගියේ. ඒක හරියට කොයි වගේද? අම්මගේ මිනිය සාලේ තියාගෙන බූරුවා ගහනවා වගේ වැඩක්. මෙන්න මේකයි අපේ දේශපාලන පන්තියේ ඔය මහින්දගේ ගෝලබාලයොන්ගේ හැදියාව. ඒ නිසා හොරුන්ට දඬුවම් දෙනවා නම් කෙහෙලියට ඩබල් දඬුවම් දෙන්න ඕනෙයි කියලා අපි කියනවා.” යනුවෙන් ඔහු තවදුරටත් කියා සිටියි.

මේ අතර ගිලන්ව සිටින රට ගොඩගත හැක්කේ තෙල්බෙහෙත්කරුවන්ට නොව හුරුබුහුටි නායකත්වයකට බවයි ඔහු පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...