*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

ඔත්තු බැලීමේ චෝදනාවට ඔස්ට්‍රේලියා ජාතිකYang Hengjun  නම් ලේඛකයාට අත්හිටවූ මරණ දඬුවම්!

සටහන – රෂිකා හෙන්නායක


පෙබරවාරි , 05 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඔත්තු බැලීමේ චෝදනාවට චීන අධිකරණයක් විසින් අත්අඩංගුවට ගෙන සිටි චීන සම්භවයක් සහිත ඔස්ට්‍රේලියා ජාතික Yang Hengjun  නම් ලේඛකයාට අත්හිටවූ මරණ දඬුවමක් නියම කර තිබේ.

යැං හෙන්ජුන්ට වසර පහකට පසුව චීන අධිකරණය මෙම අත්හිටවූ මරණ දඬුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ, එම දඬුවම වසර දෙකකට පසු ජීවිතාන්තය දක්වා වන සිරදඬුවමක් බවට පරිවර්තනය කළ හැකි අත්හිටවූ සිර දඬුවමක් බවයි.

විද්වතෙකු සහ නවකතාකරුවෙකු වන ආචාර්ය යැං ඔහුට එරෙහි මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු, ලේඛකයෙකු සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු වන යැං හෙන්ජුන් ඔත්තු බැලීමේ චෝදනාව මත 2019 වසරේ සිට චීනයේ සිරගතව පසුවේ.

ඔහු නිදහස් කරන ලෙස ඔස්ට්‍රේලියානු රජය පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර සෙනෙට් සභික වොන්ග් මෙම අධිකරණ තීන්දුව බිහිසුනු එකක් ලෙසට හඳුන්වා දෙමින් පැහැදිලි කිරීමක් සඳහා චීන තානාපතිවරයා ද කැඳවා තිබේ.

පසුගිය වසරේ වෛද්‍ය යැංගේ පවුලේ සාමාජිකයන් අගමැති ඇන්තනි ඇල්බනීස් වෙත ලිපියක් යොමු කරමින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බවට අනතුරු අඟවා සිටි අතර චීන සංචාරයේදී ආචාර්ය යැං නිදහස් කර ගැනීමට පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටියේය.

මීට පෙර චීන රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවය කළ ආචාර්ය යැං “ප්‍රජාතන්ත්‍රවාදී පදික වෙළෙන්දා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබීය.

57 හැවිරිදි ඔහු 2019 ජනවාරි මාසයේදී Guangzhou ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවේ ඔත්තු බැලීමේ චෝදනා ල මතය.ඕස්ට්‍රේලියා නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සහ ඊට අදාළ නඩු සම්බන්ධයෙන් මීට පෙර අවධානය යොමු කර තිබුණ ද චීන විදේශ අමාත්‍යාංශය අනතුරු අඟවා තිබුණේ නඩුවට මැදිහත් නොවී අධිකරණ ස්වෛරීභාවයට ගරු කරන ලෙසටය.

ඔහුගේ පවුලේ අය ප්‍රකාශ කර ඇත්තේ, වෛද්‍ය යැං රැඳවුම් භාරයේ සිටියදී අවස්ථා 300 කට වැඩි ප්‍රශ්න කිරීම්වලට සහ මාස හයකට වඩා දරුණු වධ හිංසාවලට ලක්ව ඇති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan