නාමල්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබන 18 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ.

ඒ, ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය සඳහා බව පවසමින් ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට ගොනුකර ඇති නඩුවට අදාළව ය.

මෙහිදී නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් අනතුරුව මෙසේ නොතීසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර ඇත.

මීට අදාළ චෝදනාව එල්ල කර ඇත්තේ වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් පසුගිය යහපාලන ආණ්ඩු සමයේදී ය. ඒ සමයේදී මෙම නඩුවේ සැකකරුවකු වශයෙන් නාමල් රාජපක්ෂව අත් අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානය රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් අවධාරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

Chat GPT දමා හැදූ පොලිස් බොඩි කැම් ටෙන්ඩරය ගැන බරපතළ සැකයක් – වසන්තගෙන් චෝදනා

ශ්‍රී ලංකා පොලීසියට ශරීර කැමරා (Body Cam) 500ක් මිලදී...

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...