තුනෙන් දෙක කියන්නේ විනාශයට මුලද ? – ගෝඨාභයගේ කතා වස්තුවෙන් උගනිමු

Date:

මේක අවුරුදු කීපයක් පරණ කතාවක්. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති හැටියට හොඳටම කරන්න පටන් ගත්තු කාලේ කතාවක්.

2020 මහමැතිවරණයෙන් පොහොට්ටුව හොඳටම දිනුවා. කෙළින්ම ආසන 145ක්ම පොහොට්ටුවට ජනතාව දුන්නා. සමගි ජන බලවේගයෙන් පැනපු ඩයනා සහ මුස්ලිම් මන්ත්‍රීලා සෙට් එකත් එක්ක තුනෙන් දෙකක බලයක් හදාගන්න පොහොට්ටුවට පුළුවන් වුණා.

ඔය ඡන්දයෙන් දවස් කීපයකට පස්සේ ගෝඨාභය අනුරාධපුරේ ගිහින් තිබුණා ඥානා අක්කාගෙ දේවාලයට. එතන ගිහින් පූජා පවත්වලා ආශිර්වාද අරන් ආපහු කොළඹ එද්දී වාහනයේ තව දෙන්නෙක් ඉඳලා තිබුණා. ඒ, ලක්ෂ්මන් හුළුගල්ල සහ රාජ්‍ය සමාගමක සභාපති තනතුරක් දරපු කොස් වත්තක් අයිති කෙනෙක්.

ඔය දෙන්නා එක්ක කතා කරකර එන ගමන් ගෝඨාභය කිව්වා ලු “මට මේ XXX XXපාලලා වගේ හොරුයි, ඔය මිරිස්කුඩු කාරයොයි එක්ක ආණ්ඩු කරන්න පුළුවන්ද ? මට හමුදාවේ කට්ටිය 11 දෙනෙක් දාගෙන රට පාලනය කරන්න පුළුවන් වෙන විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙ හුළු…” කියලා.

ලක්ෂ්මන් හුළුගල්ල ගත් කටටම කිව්වා ලු “සර්, ඒක නම් කරන්න බෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒ විදියට සංශෝධනය කරන්න බෑ” කියලා.

ඕකට කේන්ති ගිය ගෝඨාභය “ඉතින් මට නෙ තුනෙන් දෙක ලැබිලා තියෙන්නෙ ? මට ඕනෙ විදියට මේක පාලනය කරන්න නෙ තුනෙන් දෙක හම්බුණේ ?” කිව්වා ලු.

ඔන්න ඔහොම කියාගෙන පටන් ගත්තු ගෝඨාභයගේ තුනෙන් දෙකට අන්තිමේ මොකද වුණේ කියලා හැමෝටම මතකයිනෙ. (තව පොඩ්ඩෙන් තුනෙන් දෙකයි ජනාධිපතිකමයි විතරක් නෙවෙයි ජනපද බෝල දෙකටත් කෙළවෙනවා.)

ඕක ගෝඨාභයට විතරක් නෙවෙයි, කාටකාටත් අදාළ වෙන කතාවක්. ඔයිට කලින් හයෙන් පහක බලයක් ගත්තු ජේ. ආර්. වැඩේ ඉවර කළේ උතුරයි දකුණයි දෙකම ගිනි තියලා. ඊළඟට දෙකොණ පත්තු වෙන විලක්කුව නිවන්න කියලා ආපු ප්‍රේමදාසට වුණේ මහපාරේ මැරෙන්න. යුද්ධය දිනලා තුනෙන් දෙකේ බලයක් ගත්තු මහින්ද අද ඉන්නේ පාර්ලිමේන්තු සීට් එකකට තරග කරගන්නවත් බැරිව දෙකයි පනහට වැටිලා.

දැන් තියෙන්නෙත් තුනෙන් දෙකේ බලයටත් එහා ගිය ආණ්ඩුවක්. තුනෙන් දෙකත් එක්ක බොහෝම පරෙස්සමින් ගනුදෙනු නොකළොත් ලොවෙත් නැති වෙන්නම වැඩේ දෙල් වෙන්නත් බැරි නෑ …. ඒ හින්දා බොහෝම කල්පනාවෙන් වැඩ කරන තරමට කාගෙ කාගෙත් ඇඟට ගුණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...